Home » කරත්ත රස්සාවේ අතීත රස මතක

කරත්ත රස්සාවේ අතීත රස මතක

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
මහ­මඟ කර­ත්ත­යෙන් ගමන

– කර­ත්ත­ක­රු­වන් ගව­යන් බලාකියාගන්නේ තමන්ගේ දූදරු­වන් ලෙසයි
– ගොන් කර­ත්ත­යක් එවක තිබී ඇත්තේ ගමේ එහෙ­මත් නිවෙ­සක
– පොල්අතු, වළං පට­වා­ගෙන දින දහ­යක් දොළ­හක් ගමනේ යෙදෙන කර­ත්ත­ක­රු­වන්ගේ අත්දැ­කීම්
– සත්්කෝරළ­යෙන් නුවරකලා­වි­යට ආ කර­ත්ත­ක­රුවන් අද නැහැ

ගිනි­දන අව්වේ සත්කෝ­ර­ළයේ සිට ගොනු බැඳි කර­ත්තයේ නැඟී අනු­රා­ධ­පු­ර­යට පැමි­ණීම දින ගණ­නක ගම­නකි. වාරි­ය­පොළ, මහව හෝ දළ­දා­ගම නැති­නම් ඇතැම් විටෙක පාදෙ­ණියේ සිට එසේ නුවර කලා­වි­යට කර­ත්ත­ක­රු­වන් පැමිණි වක­වා­නු­වක් තිබිණි. පොල් අතු හය හත්සී­යක් එක මත එක ගොඩ­ගැසූ කර­ත්ත­යක බර උසු­ල­මින් ගොනුන් වේද­නා­පිරි දෑසින් මේ ගම­නට උර දෙති. අඩුම තර­මින් වාරි­ය­පොළ සිට අනු­රා­ධ­පු­ර­යට එන ගමන සැත­පුම් සිය­ය­කට වැඩිය. ගිනි මද්ද­හ­නත්, සඳ ඇති රැය­කත් මේ එන ගම­නේදී කර­ත්ත­ක­රු­වන්ගේ නෙත ගැටෙන දසු­න් අනේ­ක­වි­ධය.

ජන­ශ්‍රැති පර්යේ­ෂක චන්ද්‍ර­කු­මාර ජය­සු­න්දර

ජන­ශ්‍රැති පර්යේ­ෂක චන්ද්‍ර­කු­මාර ජය­සු­න්දර

“තන්ඩලේ දෙන්නා දෙපොළේ දක්ක­නවා
කටු­කැලේ ගාලේ නොලිහා වද දෙනවා
හපු­තලේ කන්ද දැකලා වදදෙනවා
පව් කළ ගොනෝ ඇදපං හපු­තල් යනවා”

එවැනි කවි කර­ත්ත­ක­රු­වාගේ මුව­ගින් නික්මෙන්නේ මේ වෙහෙ­ස­කර ගමන අත­ර­වා­ර­යේය. එදා එසේ පැමිණි කර­ත්ත­ක­රු­වන් අනු­රා­ධ­පුර, දෙකේ කණුව හන්දියේ ගව­යින් දිගේලි කොට පොල්අතු ගැණු­ම්ක­රු­වන් එන තෙක් මඟ බලති. ඒ අන්ද­මින් ගෙපැළ හෙවි­ලී­මට පොල් අතු මිලට ගැනී­මට කව­රෙකු හෝ එන තෙක් දින කිහි­ප­යක් එහි රැඳී­මට කර­ත්ත­ක­රු­වන්ට සිදු වෙයි. මේ දසුන වර්ත­මා­නය වන විට ක්‍රම­යෙන් බොඳව ගිය මත­ක­යක් පම­ණක්ම වී තිබේ. වත්ම­නෙහි එසේ මඟ ගෙවන කර­ත්ත­ක­රු­වකු ඉඳ­හිට හෝ දක්නට නොලැ­බෙන යථා­ර්ථ­යට අප මුහු­ණපා සිටිමු.

අනු­රා­ධ­පුර, කටු­කැ­ලි­යාව, ‘දීපා­නි­ගම’ ගම්මැද්දේ දිවි ගෙවන ඩබ්ලිව්. නිම­ල්සිරි මහා සෑයට සාදු­කාර දෙමින් තව­මත් ගොනු බැඳි කර­ත්ත­යෙන් දිවි සටන ගෙන යනු ලබයි. මේ නූතන, තාක්ෂ­ණික මෙව­ලම් මැද සිය ගොන් බැඳි කර­ත්තයේ නැඟී අලු­යම දවස අර­ඹන ඔහු හිරු අඳුරේ ගිලෙ­න්නට මත්තෙන් දවස අහ­වර කරයි. එකලස් කර­ගත් දර කර­ත්තයේ පොදි බැඳ ඔහු ගමෙන් නග­ර­යට එයි. මේ ගම­නට දැන් වසර තිහ­කට වැඩිය. දර විකුණා ලැබෙන ආදා­ය­මෙන් නිම­ල්සිරි පවු­ලක බර උසු­ලයි. නේක යාන­වා­හන යන එන මාවතේ ඔහු කර­ත්තයේ හැල්මේ ගමන් කරයි. ඔහු මෙසේ පල කළේ රන් මෙන් වටිනා අද­හස් පෙළකි.

කෘෂි ජීවන පෙවෙ­තෙහි අනි­වාර්ය ගමන් සග­යෙකු වූ ගවයා

කෘෂි ජීවන පෙවෙ­තෙහි අනි­වාර්ය ගමන් සග­යෙකු වූ ගවයා

“මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරු පවුල ජීවත් කෙරුවේ, දරු­වන්ට ඉගැ­න්නුවේ මේ කරත්ත රස්සා­වෙන්. මගේ තාත්තා තමයි මට කරත්ත රස්සාව පුරුදු කෙරුවේ. ඒ කාලේ ඉඳන් ටවුන් එකට දර අදින එක, පොළට එළ­වළු ගේන එක, වී මලු, පොල් අදි­නවා වගේ දේවල් තමයි කර­ත්තෙන් කෙරුවේ. තාත්තා නැති­වු­ණාට පස්සේ මං තවම ‘රස්සාව කර­ගෙන යනවා. දැන්නම් දර අදින එක විත­රයි කරන්නේ. දැන් මං කරත්තේ බඳින ගොන්නු දෙන්නා අවු­රුදු පහක් තිස්සේ මාත් එක්ක මේ විදි­හට උදේට හව­සට එනවා; යනවා. කලින් කරත්තේ බැඳපු ‘සත්තු’ දෙන්නට දැන් වය­සයි. උන් ගෙදර මඩුවේ තියා­ගෙන කන්ඩ බොන්ඩ දීලා මැරෙ­න­කන් බලා­ග­න්නවා.“

රටට බත සැපයු ගොවි­යාගේ ළෙන්ගතු ‘ගමන් සගයා’ව සිටියේ ගව­යාය. එහෙ­යින්ම ගව­යින් උදෙසා ඉහ­ළම පුද සත්කාර කළ ජාති­යක් ලෙස අපි ලොව පත­ළව සිටි­යෙමු. ගොනු බැඳි කරත්ත පිට නැඟ බුදු පුදට මල්, පහන්, සුවඳ දුම්, දන්, පිරි­කර ගෙන ගිය සරු­සාර අතී­ත­යක් අපට තිබිණි. සහ­ජී­ව­නය මෙරට අතීත ජන සමා­ජයේ පද­නම විය. ගම කේන්ද්‍රී­යව පැවැති සරල, සැහැල්ලු දිවි පෙවෙත ඊට මනා රැකු­ලක් වී තිබේ. කෘෂි­ක­ර්මා­න්තය මුල් තැන්හි තබා දිවි ගෙවූ ගැමි­යන්ගේ ආර්ථි­කය ද ස්වයං­පෝ­ෂිත එකකි.

ගමට අවැසි දෑ ගම තුළ­දීම වවා, නිෂ්පා­ද­නය කොට­ගත් ගැමි­යන් භාණ්ඩ හුව­මා­රුව ද සිය ජීවන සම්ප්‍ර­දා­යක් කොට­ගෙන ඇති බව පැහැ­දි­ලිව පෙනේ.

ගැමි­යන්ගේ කෘෂි­කා­ර්මික දිවි පෙවෙතේ මුදුන් මල්කඩ බඳුවූ වී ගොවි­තැ­නෙහි වැපි­රීමේ සිට කම­තෙහි අස්වනු නෙළීම දක්වා වූ සියලු කට­යුතු සඳහා දාය­කව ඇත්තේ ගව­යාය. ළෙන්ගතු, සමීප ගමන් සග­යෙකු වූ එහෙව් ගවයා මරා කෑමට තරම් මෙරට සාම්ප්‍ර­දා­යික ගැමියෝ සාහ­සික වූයේ නැත. සීමිත ඕනෑ ­එ­පා­ක­ම්ව­ලින් තෘප්ති­මත්ව ජීවිත ගෙවා ඇති ගැමි­යන්ගේ එදි­නෙදා කට­යුතු සඳහා එහේ මෙහේ යෑම බොහෝ විට පා ගම­නින්ම සිදුවී ඇත. වෙළ­හෙ­ළ­දාම් සහ එදි­නෙදා ගම­න් බි­මන් යෑම සඳහා ගොනුන් බැඳි කරත්ත එවක ගෞර­වා­න්විත ප්‍රවා­හන මාධ්‍ය­යක් වී ඇත.

ගොන් කර­ත්ත­යක් එවක තිබී ඇත්තේ එහෙ­මත් නිව­ස­කය. ජීව­නෝ­පා­යට වෙළෙ­ඳාමේ ගිය උද­විය ළඟ හෝ ගමේ යම­ක්ක­මක් තිබූ ප්‍රභූන් යැයි පිළි­ගත් උද­විය ළඟ කරත්ත තිබී ඇති වග නිර­වුල්ය. අනු­රා­ධ­පුර, නුවරකලා­වියේ ප්‍රකට, සම්මා­න­නීය ජන­ශ්‍රැති පර්යේ­ෂ­ක­යෙකු වන චන්ද්‍ර­කු­මාර ජය­සු­න්දර කරත්ත රස්සාව පිළි­බඳ මනා අව­බෝ­ධ­යක් ඇත්තෙකි. එවක දින ගණ­නක් නිවෙ­සින් ඈත්වී කර­ත්ත­ක­රු­වන් ගෙන­ගිය ජීවිත සටන පිළි­බ­ඳව මා සමඟ ඔහු රස­මුසු කතා­ව­කට මුල පිරු­වේය.

කර­ත්ත­යක බත පිසී­මට අවැසි කළ­මනා සුරු­ව­මට අසුරා ඇති අන්දම

කර­ත්ත­යක බත පිසී­මට අවැසි කළ­මනා සුරු­ව­මට අසුරා ඇති අන්දම

“සාමා­න්‍ය­යෙන් කර­ත්ත­ය­කට බඳින්න ‘වස්සෙක්’ අවු­රුදු දෙක­හ­මා­රක් විත­ර­වත් වෙන්ඩ ඕනි. කරත්ත රෝදය හදන්නේ දඹ ලීයෙන්. හල්මිල්ල තමයි කර­ත්තයේ සැකි­ල්ලට ගන්නේ. විය ගහට ගන්නේ කොස්. මොකද කොස් ලීය රත්වෙන්නේ නැහැ. ඒ නිසා වස්සාගේ බෙල්ලට හොඳයි. තුවාල වෙනව අඩුයි. බර කරත්තේ, අත් කරත්තේ, බර­බාගේ, තිරි­ක්කලේ, බක්කි කරත්තේ, භූමි­තෙල් කරත්තේ, බණ කරත්තේ වගේ කරත්ත ඒ කාලේ තිබ්බා. බර අදින අය පාවිච්චි කෙරුවේ බර කරත්තේ. මේ කර­ත්තෙට ගොන් නාම්බෝ දෙන්නෙක් ඕන. තිරි­ක්ක­ලය වගේ කර­ත්ත­යක් ගත්තොත් ඒකට බඳින්නේ එක ගොන් වස්සයි.”

මෙප­රි­ද්දෙන් එවක හොඳින් හීලෑවූ ගොනු බැඳි කර­ත්තය මත ගොඩවී පිටි­සර ගම්මැදි වෙත පොල් අතු හෝ මැටි වළං වෙළෙ­ඳාමේ පැමිණි උද­විය එවක ගැමි­යන්ට සුපු­රුදු දසු­නකි. එහෙත් වර්ත­මා­නය වන විට ඒ දසුන හුදු මතක මාත්‍රා­වක් පම­ණක් වී ක්‍රම­යෙන් වියැකී යමින් තිබේ. එන­මුත් එතුළ ඇත්තේ තව­මත් නොසි­ඳුණු රස­යකි. ගම මැදට වන්නට පිහිටි තුන්මං හන්දියේ ඉඩ­කඩ ඇති තැනක කරත්ත පෙළ නවතා රාත්‍රි­යම ගත කළ කර­ත්ත­ක­රු­වන් එහිම හිඳ රෑ බත පිළි­යෙල කළ අයුරු විය­පත් ගැමි­යන්ගේ මත­කයේ තව­මත් සැඟව ඇති­වාට සැක නැත. රෑ බත සමඟ ඉදෙන වෑංජන සහ කර­වල සුවඳ ඒ මඟ යන්න­වුන්ගේ නාස්පුඬු විනි­විද යන්නේ අනා­රා­ධි­ත­වය. හට්ටි, මුට්ටි, හැඳි, පිඟන්, ලුනු, මිරිස්, හාල්, පොල් ආදි අඩු­ම­කු­ඩුම ඇති තර­මට කර­ත්තයේ ඇත. යළි නිවෙස් බලා යන තෙක් ඒ අඩු­වැ­ඩිය ඔවු­නට සෑහේ.

“ගෙදර ගිහින් ඇළ ගාවින්
හොඳ තණ­කොළ ටිකක් උඹට
තලු ගහ ගහ බඩ පිරෙන්න
ගෙනත් දාන්නම් කන්නට
හැන්දෑ­වට උඹ ඉඳ­ගෙන
තලු ගහ­නවා මට ඇහෙ­නවා
උඹට කළුවේ හුඟක් හොර ද
හැන්දෑ­වට නින්ද යනවා”

ගුණ­දාස අම­ර­සේ­කර කවි­යාගේ කව් පෙළක මතුව එන මේ අපූ­ර්ත්වය සිහින් සුළ­ඟක් සේ සිත විනි­විද යයි. වචන කළ නොහැකි හැඟීම් රොත්ත­කින් සිත පිරී යයි. දහ­වල මැදි­ය­මට පැමි­ණෙත්ම මහ­මඟ පසෙක ඉඩ ඇති තැනක් බලා දවල් බත පිළි­යෙල කිරී­මට කර­ත්ත­ක­රුවෝ අඩු­ම­කු­ඩුම සොයති. එළ­ව­ළු­වක් දෙකක් සමඟ පිසින කර­වල හොද්ද දවල් බත තවත් රස­වත් කරයි. කරත්ත බතේ රස දන්නා ගැමි­යන් තව­මත් පිටි­සර ගම්මැ­දි­වල සොයා­ගත හැකිය. එව­කට මස­කට හමා­ර­කට සැර­යක් ගමට එන කර­ත්ත­ක­රු­වන් සමඟ හිත­ව­ත්කම් හදා­ගන්නා ගැමි­යන් විටෙක කරත්ත බතේ රස බැලු­වේය. නිවෙසේ ඉදෙන මාළු පිනි ටිකක් කර­ත්ත­යෙන් ගමට එන නන්නා­ඳු­නන නෑසි­යන්ට ගෙන­විත් දුන්නේය.

එවක කර­ත්ත­යෙන් දිගේලි කළ ගව­යින් පුන්නක්කු මෙන්ම පිදුරු හෝ තණ­කොළ ආදිය තලු මරන්නේ ලද විරා­මය නොඅ­ඩුව විඳි­මිනි. කරත්ත පවු­ලක ජීවන බරට ගිනි දන අව්ව නොතකා උර­දෙන මේ අහිං­ස­ක­යන් කෙරෙහි ගැමි­යන් තුළ වූයේ මහත් වූ අනු­කම්පාසහ­ගත හැඟී­මකි.

ඔවුහු සතු­නට අම්මා, අප්පා ලෙස ඇම­තීය. සැත­පුම් සිය ගණ­නක් ගව­යින් සමඟ මහ­මඟ ගෙවන ගැමියෝ විටෙක කවි ගායනා කළෝය. එතු­ළින් වහ­නය වූයේ ඔවු­නගේ දුක, වේද­නාව, ජීවන සම්ප්‍ර­දාය සහ වටි­නා­කම්ය. බොහෝ විට කර­ත්ත­ක­රු­වන්ගේ රැය ගෙවී යන්නේ නිදි වර්ජි­ත­වය. දවසේ කළ කී දෑ සේම අතීත රස මත­ක­යන් අතර හෝරා ගණ­නා­වක් රෑ මැදි­යම වන තෙක් ඔවුන් කාලය ගෙවා දමන්නේ අක­ම්පි­ත­වය. ගම්මැදි හන්දි­යක රැය ගෙවන ඔවු­නො­වුන් මොන­වදෝ මුමු­ණන, විටෙක කොක් හඬලා සිනා­සෙන හඬ රැය මැදි­යම අවදි වන ගැමි­යන්ට එවක නුහුරු නොවු­වකි.

ඩබ්ලිව්. නිම­ල්සිරි

ඩබ්ලිව්. නිම­ල්සිරි

විටෙක තුන්මං හන්දිය වෙත යන ගැමි­යන් අඳුරේ දැල්වෙන ලන්තෑ­රුම් එළිය යට දිග­හැ­රෙන කතා­බ­හට කර­ත්ත­ක­රු­වන් සමඟ එක්වන්නේ අලුත් හිත­ව­ත්ක­ම­කට මඟ පාදා ගනි­මිනි. හිමි­දිරි පාන්දර හිරු එන්නට පෙර අව­දිව උණු උණුවේ දුම් දමන තේ කහට කෝප්ප­ය­කින් සප්පා­යම් වී යළි දවසේ මෙහෙ­වර අර­ඹන කර­ත්ත­ක­රු­වන්ගේ දසුන ගම්මැද්දේ කාටත් එවක හුරු­පු­රු­දුය. පොල් අතු හෝ වළං සමඟ මනු­ස්ස­කම ද මේ මිනි­සුන් ගමට ගෙන එන්නේය යන විශ්වා­සය එවක ගැමි­යන්ගේ සිත් තුළ දලුලා තිබිණි. කර­ත්ත­ක­රු­වාගේ ජීවන පෙවෙත පිළි­බ­ඳව චන්ද්‍ර­කු­මාර ජය­සු­න්දර මෙවැනි රස­වත් මත­ක­යන් පෙළක්ද අප හා දිග හැරී­යේය.

“රෑ වෙන­කොට හර­කුන්ට ඇස් පේනව අඩුයි. එත­කොට කොහො­මත් කොහේ­හරි තැනක නව­තින්ඩ වෙනවා. හර­කුන්ට වතුර, පුන්නක්කු ටිකක් දීලා දිගේලි කරන්ඩ පුළු­වන් තැනක් බලලා තමයි නව­තින්නේ. සත්තු­න්ටත් විවේ­ක­යක් ඕනනේ. කරත්ත රස්සාව කරන අය සම­හර කාල­ව­ලට ගෙද­රින් ගිය­හම දවස් දහය දොළහ ගෙදර නෑ. ඉන්න තැනක් ගැන ගෙද­රට පණි­වි­ඩ­යක් දීගන්ඩ විදි­හක් නෑ. හරි දුකෙන් තමයි සම­හර වෙලා­වට ඒ දවස් ගෙවන්නේ. ඒත් ඒ ජීවි­තේට ඒ අය හුරු­වෙලා හිටියේ. සම­හර දව­ස්ව­ලට රෑට නින්දක් නෑ. ඔය ගම් මණ්ඩි­යක එහෙම නව­ත්ත­පු­ව­හම රෑ දොගො­ඩ­හ­රිය වෙන­කන් මොන­ව­හරි කතා කර කර ඉන්නවා. සම­හර වෙලා­වට ගමේ දෙතු­න්දෙ­නෙ­කුත් එනවා කතා­වට. ගිනි­මැළ ගහ­ගෙන මඤ්ඤොක්කා අල එහෙම පුච්ච­නවා. කර­ත්තෙන් වළං රස්සාව කරපු අය ගමට වළං දීලා කව්පි, මුං, කුරහං වගේ දේවල් අර­ගෙන යනවා.”

එදා කරත්ත පාර­වල්, ගුරු පාර­වල් වර්ත­මා­නයේ අතෝ­රක් යාන, වාහන යන එන විසල් මහා­මාර්ග වී ඇත. මේ පාර­වල් මත හුදෙ­ක­ලාව ගොන් බැඳි කරත්ත දැක්වූ කාලය දැන් සිහි­න­යක් මෙන් වී තිබේ. සියලු වෙන­ස්වීම් මැද නිම­ල්සිරි වැනි මිනි­සුන් ගොනුන් බැඳි කර­ත්තයේ නැඟී දවසේ විය­දම සරි කරයි. උප­යන දෙයින් සෑහී ඔහු සැන­සී­මෙන් සිය දරු පවුල ගෙන­යයි.

 

ඩබ්ලිව්. ප්‍රදීප් 
තඹු­ත්තේ­ගම විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division