සිළුමිණ – උස්වත්ත ප්‍රහේලිකා 162 සහ ගුරුගෝල වෙනස 123 දිනුම් ඇදීම ලේක්හවුස් ආයතනයේ සිළුමිණ කර්තෘ මණ්ඩලයේදී පසුගියදා (10) සිදු කෙරිණි. ඒ සඳහා ලැබුණු දහස් ගණනක් වූ විසඳුම් පත් අතරින් ජයග්‍රාහකයන් (20) විසිදෙනෙකු තෝරාගනු ලැබූහ. ලේක්හවුස් මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියාගල විසින් මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී මාධ්‍යවේදී ගාමිණී රූපානන්ද ජයග්‍රාහී විසඳුම් පත් තෝරා දුන් අයුරු. මේ අවස්ථාවට ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස් ද සහභාගි විය.
(ඡායාරූප :- දුෂ්මන්ත මායාදුන්න)