Home » සොරොව්ව කඩිනමින් පිළිසකර කර දෙන්න

සොරොව්ව කඩිනමින් පිළිසකර කර දෙන්න

by Mahesh Lakehouse
April 19, 2025 12:28 am 0 comment

අනුරාධපුර, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 599 මහරඹෑව තුලානයේ හල්මිල්ල වැවෙහි සොරොව්වේ බටය කැඩී යෑම හේතුවෙන් වතුර නොමැතිව ගොවීහු අසරණව සිටිති.

වැලි කොට්ට දමා තාවකාලිකව වතුර අපතේ යෑම වැළැක් වීමට පියවර ගත්තද එය සාර්ථක නොවන බව ගොවීහු පෙන්වා දෙති. මේ හේතුවෙන් එම වැව් ජලයෙන් වගා කරන කුඹුරු අක්කර 80ක් පමණ පුරන් වීමේ අවදානමකට ලක්ව ඇත. වසර ගණනාවක සිට මේ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් සියල්ලටම ලිඛිතව මේ පිළිබඳ දැනුවත් කළද මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට ගොවීහු මැසිවිලි නඟති. එබැවින් මෙම යල කන්නයට කුඹුරු වගා කරගත නොහැකිව ගොවීහු අසරණව සිටිති. කඩිනමින් මෙම සොරොව්ව පිළිසකර කර දෙන ලෙසට ගොවීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. lප්‍රියන්ත මහඋල්පත – මහරඹෑව

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division