ලියන්වල, පෝරේගෙදර, කුරුණෑගල, මාදුලාව, හොරගල, වටරැක, මීගොඩ යන ගොවි සංවිධාන ගම්මාන ඉතා දිගු කලක සිට අයත් වන්නේ හෝමාගම ගොවිජන කේන්ද්‍රයටය.
නමුත් ඉහත ගම්මානවලට කිට්ටුම ගොවි කේන්ද්‍රය වන්නේ පාදුක්කය. කිලෝමීටර් 2, 3, 4, 5, 6, 8 ළඟ දුරක පිහිටි මෙම ගොවි සංවිධානවල නිලධාරීන් ගොවියන් කිලෝමීටර් 10 – 15 දුර ගෙවා කුලී වාහන සහ තම වාහනවලින් මෙම දුර සහ වියදම් දරමින් කාලය කා දමමින් වෙහෙස වන්නට සිදුව ඇත.
මීට ප්‍රතිකර්මයක් ලෙස පාදුක්කට ගොවි සංවිධාන පරිපාලන කේන්ද්‍රයක් ස්ථාපිත කර දෙන ලෙස දිගු කලක සිට ඉල්ලා සිටිය ද එය බීරි අලින්ට වීණා වයන්නාක් බඳු විය. ගොවිජනතාව දෙස බලන රජයක් ලෙස දැන්වත් මේ ගැටලුව විසඳා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
lසී. වීරසිංහ ආරච්චි
– මීගොඩ