Home » ‘සිතුවිලි සිත්තම්’ සඳහා නිර්මාණ භාර ගැනීම ඇරඹේ

‘සිතුවිලි සිත්තම්’ සඳහා නිර්මාණ භාර ගැනීම ඇරඹේ

by Mahesh Lakehouse
April 19, 2025 12:28 am 0 comment
නෙත්මි පූජනී රත්නායක

මෙම වසරේ (2025) ලෝක ළමා දිනය සැමරීමට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධාන කරන “සිතුවිලි සිත්තම්” – 2025 ළමා අයිතිවාසිකම් සහ ළමා ආරක්ෂාව පිළිබඳ සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් සහ කාටූන් තරගය සඳහා නිර්මාණ භාර ගැනීම ආරම්භ වූ බව එම අධිකාරිය පවසයි.

පාසල් අංශය සහ විවෘත අංශය ලෙස මෙම තරඟ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමටද කටයුතු යොදා තිබේ.

“සිතුවිලි සිත්තම්” – 2025″ තරගාවලිය සඳහා 2025 මැයි 30 වැනිදා තෙක් නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර මේ පිළිබඳව වැඩි විස්තර www.childprotection.gov.lk වෙබ් අඩවියට ප්‍රවේශ වී ලබා ගත හැකිය.

තරගාවලිය සඳහා ඉදිරිපත් කෙරෙන සියලු චිත්‍ර, පෝස්ටර් හා කාටුන් “සභාපති, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අංක 330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර යන ලිපිනයට යොමු කළ යුතු වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division