වෙසක් හා පොසොන් උත්සව වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු නිර්ණායක 5ක් ඇතුළු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව, දන්සල් සංවිධානය කරන්නන් විසින් දන්සල් පැවැත්වීමට යෝජිත ස්ථානය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ආහාර පිළියෙල කිරීමේදී, ගබඩා කිරීමේදී හා පිළිගැන්වීමේදී සනීපාරක්ෂක අවශ්‍යතා පිළිබඳ පූර්ව දැනුවත් බවක් ඇතිව කටයුතු කිරීමද මෙහිලා අනිවාර්ය වේ.
එමෙන්ම බීමට සුදුසු ජලය යොදාගැනීම හා එම පහසුකම් පවතින බව තහවුරු කිරීමද මෙහි නිර්ණායක අතර වේ. බැහැර ලන අපද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබීමද මෙහි දී ඇති නිර්ණායක අතර වේ.
මේ කටයුතු නිසි පරිදි අධීක්ෂණය කළ යුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් මහා නගර සභා, නගර සභා ඇතුළු සියලු සෞඛ්‍ය බලධාරීන් වෙත දන්වා ඇත.