Home » මැතිවරණ පැමිණිලි 1,591ක්

මැතිවරණ පැමිණිලි 1,591ක්

by Mahesh Lakehouse
April 19, 2025 12:35 am 0 comment
දීපාල් සමරසේකර

පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි 1,591ක් පසුගිය 17 වැනිදා දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඉන් 1,406ක් විසඳා ඇති අතර, පැමිණිලි 185ක් සම්බන්ධ විමර්ශන මේ වන විට පැවැත්වෙයි. ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 186ක් සහ දිස්ත්‍රික් මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,405ක් වශයෙන් පැමිණිලි 1,591ක් මෙලෙස ලැබී ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව පොලීසියට මේ වන විට ලැබී ඇති පැමිණිලි 176ක් පිළිබඳ විමර්ශන ආරම්භ වී ඇත. ඉන් 38ක් මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි වන අතර, 136ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ ලැබී ඇති පැමිණිලි වේ. මේ පැමිණිලි ලැබී ඇත්තේ අප්‍රේල් 3 සිට 16 දක්වා කාලය ඇතුළතය.

පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම්වලට අදාළව පුද්ගලයන් 80ක් මේ වන අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 18ක් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝ වෙති. සෙසු 60 දෙදෙනා ආධාරකරුවෝය. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම්වලට අදාළව වාහන 14ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division