Home » මුලතිව් ගෙවල් හදා කප් ගහයි

මුලතිව් ගෙවල් හදා කප් ගහයි

by Mahesh Lakehouse
April 19, 2025 12:33 am 0 comment
තාරක වික්‍රමසේකර

පසුගිය වසරේ පවත්වන ලද ජන හා නිවාස සංගණනයේදී 2012 සංගණනයට සාපේක්ෂව මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රතිශතය 100.3%කින් ඉහළ ගොස් තිබේ. 2012 වසරේ සංගණනයේදී එම දිස්ත්‍රික්කයේ නිවාස හිමියන්ගේ සංඛ්‍යාව 19,839ක් වූ අතර, එය 2024 වසරේ 39,728ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ.

දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයයි. 2012 වසරේදී මන්නාරම දිස්ත්‍රික්කයේ නිවාස 26,428ක් තිබුණු අතර, ඒ නිවාස 47.6%කින් මෙවර වැඩි වී නිවාස සංඛ්‍යාව 38,999ක් දක්වා ඉහළ ගොස් ඇත. කිළිනොච්චියට තෙවන ස්ථානය හිමිව ඇති අතර 42.8%කින් වැඩි වූ එම සංඛ්‍යාව නිවාස 42,200ක් දක්වා වැඩි වී ඇත. එය 2012 වසරේ 29,549ක් ලෙස දැක්විණි.

සිවුවැනි ස්ථානයට පත් මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස වැඩි වීමේ වේගය 25%කි. 2012 වසරේ 134,057ක් වූ නිවාස සංඛ්‍යාව 167,510 දක්වා වැඩි වී ඇත.

නිවාස වර්ධන ප්‍රතිශතය අඩුම දිස්ත්‍රික්කය ලෙස වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය වන අතර, ඒ ප්‍රතිශතය 9.8%කි. එහි පෙර සංගණනයේදී 308,298ක් වූ නිවාස සංඛ්‍යාව මේ වන විට 338,594ක් දක්වා වැඩි වී ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස වැඩි වීමේ ප්‍රතිශතය 10.5%ක් වන අතර, පෙර 240,611ක් වූ එහි නිවාස සංඛ්‍යාව මේ වන විට 265,793ක් දක්වා වැඩි වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division