අලුත් අවුරුද්දෙ ඉතින් රිෆ්රෙෂ් වෙලා ඉන්න වෙලාවෙ කට්ටිය මීට් වෙලා පොඩි චැට් එකක් දාන්න හිතාගෙන හැන්දෑ වෙලාවක ටොරින්ටන් එක පැත්තෙ ගියා කියන්නකො… මොකද කාරණේ කියන්නෙ: සතියකට විතර හොලිඩේ එකකට පස්සෙ නෙ කට්ටිය සෙට් වෙන්නෙ.
අප්පා… මේ ඉන්නෙ. හැම ගේම් එකකම වගේ කට්ටිය ඇවිල්ල හිටිය කියන්නකො. ප්ලේයර්ස්ල, කෝචස්ල, මැනේජර්ස්ල… වගේ හැම ලෙවල් එකකම කට්ටිය එක එක තැන එයාලගෙ ඇක්ටිවිටීස්වල එන්ගේජ් වෙලා හිටියා. මොකද කාරණේ කියන්නෙ: කාලෙකට පස්සෙ දැක්ක සමහර ෆ්‍රෙන්ඩ්ස්ල එක්ක කතා කරන්න ඕනෑ වුණත් ඩිස්ටර්බ් කරන්න බැරි නිසා එයාලත් එක්ක සෙට් වෙන්න ගියේ නැහැ.
ඒව මේවා බල බල තව ටිකක් වටේට රවුම දානකොට මෙන්න බොලේ ඉන්නව රේස් කෝස් පැත්තට වෙන්න සයිඩ් එකේ වාඩි වෙලා පරණ ගේම්කාරයො දෙන්නෙක්. මේ ගේම් කිවුවෙ ප්ලේයර්ස්ල නෙවෙයි හොඳේ… අර අර ඔලිම්පික් ගේම් පොරවල් දෙකක්. දන්නව නේ එයා ගැන මේ දවස්වල එහෙන් මෙහෙන් කතා ඇහෙන්නෙ, ඒ කාලෙ මිලියන 18ක් විතර ගහපු හත්-අටදෙනෙක් ගැන. අන්න ඒ සෙට් එකේ මෑන්ස්ල දෙන්නෙක්. දැන් දැන් ඒ සෙට් එකම ගහපු ගේම්ස් මාට්ටු වේගෙන එන සීන් එක දැක්ක ගමන් මේ කියන මෑන්සල දෙන්න එතැන හවුස් එකේ හිටපු පෝස්ට්වලින් මේ ළගදී රිසයින් වුණා. එහෙම හිටිගමන් රිසයින් වුණා කියල අපි හිතන්නෙ නැහැ කරපු වැරදිවලින් ගැලවෙන්න පුළුවන් කියල. ඒ තරමටම කෑමක් කාල තියෙනවා. ඒ නිසා රිටර්න් කෑමත් සැර වෙයි හොදේ.
ඕවා මේවා කල්පනා කර කර කොයි එකටත් ඉතින් දන්න කියන දෙන්නෙක් නිසාත් අලුත් අවුරුද්දෙ හම්බ වෙච්ච පළවෙනි දවසත් නිසා ඔන්න ඔහේ පොඩි චැට් එකක් දාන්න ඕන කියල මෑන්ස්ල දෙන්නට කිට්ටු කරල බැලුවා ඉතින්. “කොහොමද අලුත් අවුරුද්ද..?” කියාගෙන මම ස්ටාට් එකක් දුන්නා.
“වරදක් නැහැ අනේ, ඔහෙ ඉන්නවා. දැන් අපි දෙන්න මහගෙදර කොමිටියෙන් රිසයින් වුණා නේ. අපි දැන් පොඩි බිස්නස් පාරක් දාගෙන ඔහෙ ෂේප් එකේ යනවා…” කියල මෑන්ස්ල දෙන්නම එකටම වගේ රිප්ලයි දුන්නා.
“හාං ඔව් අපි දන්නවා. ඒත් ඉතින් ඔයාල හිටපු කොමිටියේ හත්-අටදෙනා එකතු වෙලා පර්ඩියම් ගන්නවා කියල ගහපු ගැහිල්ල ගැන නම් කවුරුත් කතා වෙනවා. රටේ ක්‍රීඩාව හදනවා කියල ඇවිල්ල අන්තිමට ඔයගොල්ලො හැදිච්ච එක විතරනෙ වෙලා තියෙන්නේ. ටුවර්ස් යනව කියල ගිහිල්ල දෙන දීමනා එහෙනුත් අරගෙන මෙහෙනුත් ක්ලේම් කරනවා. පහුගිය කාලේ එහෙම වැඩිම ගණනකට ගහල තියෙන්නෙ ඔයාලගෙ ලොකු ලියන මහත්තය නේ. හරි නම් දැන් මිනිහ ඉන්න ඕනෑ ගෙදර නෙවෙයි ඇතුළෙ. ඔය දෙන්නත් එහෙම තමයි. ලියන මහත්තය මුලින්ම ගෙදර එළෙවුවා. ඔයාලටත් ඉල්ලා අස් වුණා කියල කරපු වැරදි නම් වහගන්න බැහැ හොඳේ…” කියල ඒ වගේ මහත්හොරුන්ට කියන්න ඕනෑ කියල හිතාගෙන හිටපු දේ කියල දාල මම ෂේප් වෙලා ආවා.
එහෙම අනිත් පැත්ත හැරිල එන්න හදන කොට මෙන්න බොලේ මට නෝටිස් වුණා එතැන මිනිස්ට්‍රියට ආපු හිල්-කන්ට්‍රි පැත්තෙ කෝච් කෙනෙක් ඇත්ලටික්ස් එකේ ලොක්කන්ගෙන් හෙන ගේමක් ඉල්ලනවා. මොකද කාරණේ කියන්නෙ: සවුත් ඒෂියන් ගේම්ස් යන්න ඉන්න එයිටි හන්ඩ්‍රඩ් ඇත්ලටීට්ට මාර කැපිල්ලක්ලු. කෝච් කියන්නෙ ‘ඉන්දියාවෙ අපිට වැඩිය හොඳ ටයිමින් තියෙන අය හත-අටක් ඉන්න කතාව අපට අදාළ කර ගන්න ඕනෑ නැහැ, අපේ කොල්ලගේ ටයිම්න් හොඳ නම් එයාව යවන්න ඕනෑ, එදා දවසෙ රේස් එක යන විදිය අනුව අපේ කොල්ලට ගෝල්ඩ් මෙඩ්ල් දිනන්නත් පුළුවන්’ කියලා. කෝච්ගෙ කතාවෙ ඇත්තකුත් තියෙනවා. ඒ නිසා කරුණා කරල මිනිස්ටර් මේ කාරණේටත් මැදිහත් වෙලා, රට වෙනුවෙන් සොලූෂන් එකක් දෙන්නයි කියල ඉල්ලීමකුත් කරමින් අදට නවතිනව.