Home » බංග්ලාදේශ නිමි ඇඳුම් අවදානමක

බංග්ලාදේශ නිමි ඇඳුම් අවදානමක

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
පී.ආර්. දුෂාන්ති සිල්වා

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 3 දා ගෝලීය වශයෙන් පැනවූ නව තීරු බදු ප්‍රතිපත්තිය තුළ 37%ක බදු ප්‍රතිශතයකට හසු වූ බංග්ලාදේශය, ලෝකයේ දෙවැනි විශාලතම නිමි ඇඳුම් ව්‍යාපාරය හිමි රාජ්‍යයයි. ට්‍රම්ප්ගේ නව බදු පිළිවෙත ලෝකයේ විවිධ රාජ්‍යයන්ගේ ආර්ථිකයන් අරබයා ඉතා දැඩි නිෂේධනීය බලපෑමක් එල්ල කර ඇති අතර, බංග්ලාදේශයේ නිමි ඇඳුම් අපනයනයේ දැවැන්තයා වූ ෂාහි දුල්ලාහ් අසීම් ව්‍යාපාරයටද මෙමඟින් තදබල පහරක් එල්ල වන බව විස්තර වී ඇත.

බංග්ලාදේශය, නිමි ඇඳුම් හා රෙදිපිළි නිෂ්පාදන 80%ක් පමණ විදේශීය වෙළඳපළ අරභයා අපනයනය කරන දකුණු ආසියාතික රාජ්‍යය වන අතර, පසුගිය වසරේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය තුළ යම් තාක් දුරකට කඩා වැටුණු මේ සා විශාල නිමි ඇඳුම් කර්මාන්තයට නව බදු ප්‍රතිශතය වූ 37% ඔස්සේ පැන නැගීමට ඉඩ ඇති ප්‍රශ්නකාරි තත්ත්වය කොතරම්ද යන්න ඔබට වටහාගත හැකි වනු නොඅනුමානය.

බංග්ලාදේශයෙන් වාර්තා වන අන්දමට Narayanganj හා Gazipur නගරවල එනම්, බංග්ලාදේශ නිමි ඇඳුම් ව්‍යාපාරයේ පතාක යෝධයන් අධිරාජ්‍යයන් පිහිටුවා ඇති ස්ථානවල දහස් ගණන් බංග්ලාදේශ කාන්තාවන් එළියෙන් ඉතා කාර්යක්ෂමව සිය ශ්‍රම දායකත්වය මේ කර්මාන්ත උදෙසා ලබාදෙනු ලැබේ. එක්සත් ජනපදය බංග්ලාදේශයේ විශාලතම අපනයනකරුවා වන අතර, 2024 වාර්තාවලට අනුව ඩොලර් බිලියන 8.4ක ලාභයක් හෙබි භාණ්ඩ තොගයක් එක්සත් ජනපදයට අපනයනය කර ඇත. එයින් ඩොලර් බිලියන 3.7ක දායකත්වයක් ලැබී ඇත්තේ නිමි ඇඳුම් අංශයෙනි. මේ අර්ථයෙන් ගත් කල බංග්ලාදේශ ආර්ථික විශේෂඥයන් පවසන්නේ බංග්ලාදේශ කර්මාන්තශාලා බොහෝමයක්ම එක්සත් ජනපද ඉල්ලුම මත රඳා පවතින බවයි.

ඇත්ත වශයෙන් ම බැලූ කල දිගු කලක පටන්ම බංග්ලාදේශ ආර්ථිකය ඉදිරියට රැගෙන යන ධාවකයා වන්නේ එරට නිමි ඇඳුම් කර්මාන්තයයි. එබැවින් එක්සත් ජනපද ඉල්ලුමේ මේ වෙත පවතින යම් ආකාර නැවතීමක් සිදු වුව හොත් එය සමස්ත අපනයන ආදායමට පහරක් වැදීමක් පමණක් නොව, ඩොලර් ගලා ඒමේ ප්‍රවාහයටත් කරනු ලබන බලපෑමකි. මේ ඔස්සේ බංග්ලාදේශ ආර්ථිකයේ විදේශ විනිමය අර්බුදයක්ද නිසැකවම නිර්මාණය වනු ඇත. එබැවින්, අන්තර්වාර පාලන රජයේ ප්‍රධානි යුනූස් එක්සත් ජනපදයෙන් මේ බදු ක්‍රියාත්මක භාවය පිළිබඳ කල් ඉල්ලා ගැනීම මෙන්ම ඒ පිළිබඳ සාකච්ඡාවලට එක්සත් ජනපදය සමඟ එක් වීම ඉතා සුභවාදි ප්‍රවේශයකි.

ජනපති ට්‍රම්ප් වරින් වර ප්‍රකාශයට පත් කරන තීරුබදු පිළිවෙත හමුවේ වොෂිංටනය සමඟ මේ පිළිබඳ ඉතා ඉක්මනින් සාකච්ඡාවලට මුල පිරූ දකුණු ආසියානු රාජ්‍යය බංග්ලාදේශය බව අන්තර්වාර රජයේ ප්‍රධානී යූනුස් මහතා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. බංග්ලාදේශ නියෝජිත Khalilur Rahman බංග්ලාදේශය හා වොෂිංටනය අතර වෙළඳ සාකච්ඡා මෙහෙයවන අතර පෙබරවාරි මුල පටන් මේ තත්ත්වය ඉදිරියට පැමිණ ඇති බව විස්තර වී තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division