Home » රුසියානු මාධ්‍යවේදීන් සිවුදෙනෙක් සිරගෙට

රුසියානු මාධ්‍යවේදීන් සිවුදෙනෙක් සිරගෙට

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment

රුසියාවේ හිටපු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි සමඟ සබඳතා පැවැත්වූ රුසියානු මාධ්‍යවේදීන් සිවුදෙනකුට වසර පහකට අධික සිරදඬුවමක් නියම කිරීමට රුසියානු අධිකරණය කටයුතු කර තිබේ. හිටපු විපක්ෂ නායකවරයාගේ ‘දූෂණ විරෝධී සංවිධානය’ සමඟ සබඳතා පැවැත්වූ බව අනාවරණය වීමේ නාමයෙන් රුසියානු අධිකරණය ඔවුන්ට එසේ දඬුවම් නියම කිරීමට කටයුතු කර තිබේ.

රුසියානු බලධාරීන් විසින් අන්තවාදීන් ලෙස නම් කරන ලද එම දූෂණ විරෝධී කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මොස්කව්හි නාගටින්ස්කි දිස්ත්‍රික් අධිකරණය විසින් ඇන්ටෝනිනා ෆෙවර්ස්කායා, කොන්ස්ටන්ටින් ගැබොව්, සර්ජි කරේලින් සහ ආටියොම්ක්රිගර් යන මාධ්‍යවේදීන් පසුගිය අඟහරුවාදා වැරදිකරුවන් බවට පත් කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division