Home » ගෙවුණු මාර්තුව ලොව උණුසුම්ම මාර්තුවයි

ගෙවුණු මාර්තුව ලොව උණුසුම්ම මාර්තුවයි

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment

ගෙවුණු මාර්තු මාසයේ වාර්තාගත ගෝලීය උෂ්ණත්වය ලෝකයේ දේශගුණික ඉලක්කවලට තර්ජනයක්ව ඇති බව වාර්තා වෙයි. මාර්තු මාසයේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය පූර්ව කාලයට වඩා සෙල්සියස් අංශක 1.6කින් වැඩි වී ඇති අතර, අන්තර්ජාතික දේශගුණික ඉලක්ක කරා ළඟා වීමට මේ තත්ත්වය බලවත් තර්ජනයක් බව සඳහන්ය. ගෝලීය උෂ්ණත්වය පසුගිය මාසයේ ඓතිහාසික ෙලස ඉහළ මට්ටමක පැවති අතර, යුරෝපය එහි උණුසුම්ම මාර්තුව අත්විඳ ඇති අතර, අන්තර්ජාතික දේශගුණික ඉලක්ක වෙත ළඟා විය නොහැකි බව අවසාන වශයෙන් අවධාරණය වී තිබේ. පසුගිය මාසයේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය පූර්ව කාලයට සාපේක්ෂව සෙල්සියස් අංශක 1.6කින් (ෆැරන්හයිට් අංශක 2.88ක්) වැඩි වූ බව යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවාව (C3S) පසුගිය අඟහරුවාදා පවසා තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division