ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචරණ සහ සංචාරක ප්‍රදර්ශනය වන සංචාරක උදාව 12 වැනි මහා මහෝත්සවය 2025 මැයි 23, 24 දිනවල පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ එක්ව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) විසින් සංවිධානය කරන ලද සංචාරක උදාව ප්‍රදර්ශනය B2B සහ B2C යන අංශ දෙකටම සුවිශේෂී වේදිකාවක් සපයන අතර, කර්මාන්ත කොටස්කරුවන් සහ අදාළ රජයේ ආයතන අතර සම්බන්ධතාව වර්ධනය කරයි.
එය, මැයි 23 සහ 24 යන දෙදින පෙ.ව.10:00 සිට රාත්‍රී 8:00 දක්වා පැවැත්වීමට නියමිත අතර, සංචාරක උදාව ප්‍රදර්ශකයින් 250කට අධික සංඛ්‍යාවක් අපේක්ෂා කරයි. මෙම අවස්ථාවට සංචාරක ක්ෂේත්‍රය තුළ සියලුම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා පහසුකම් සැලසෙනු ඇති අතර, මෙම වසරේ මෙම මහෝත්සවය සංචාරක නියෝජිතයන් වැනි පිටතට යන සංචාරක පාර්ශ්වකරුවන් දක්වා විහිදේ.
ඡායාරූපය- විමල් කරුණාතිලක