Home » MAS, Eco Go Beyond සම්මාන උලෙළේදී නවකයන් අැගයීමක්

MAS, Eco Go Beyond සම්මාන උලෙළේදී නවකයන් අැගයීමක්

by Mahesh Lakehouse
April 26, 2025 12:30 am 0 comment

MAS Holdings, තිරසර අධ්‍යාපනය සහ තරුණ තරුණියන් සවිබල ගැන්වීම මෙන්ම, තිරසරභාවය සඳහා තරුණ නායකයින් විසින් කරන ලද විශිෂ්ට කාර්යයන් ඇගයීම වෙනුවෙන් ‘ Eco Go Beyond – 2024’ සම්මාන උළෙල පසුගියදා තුල්හිරිය MAS Athena හි පවත්වන ලදි.

ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ සම්මානිත විද්‍යාඥවරියක සහ GEF කුඩා පරිමාණ ආධාර වැඩසටහනේ ජාතික මෙහෙයුම් කමිටුවේ සභාපතිනී ආචාර්ය ප්‍රියානි අමරසිංහ මෙහි ප්‍රධාන ආරාධිතයා වූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ MAS ජ්‍යෙෂ්ඨ නායකයින් ද මෙම අවස්ථාවට සහභාගී විය.

MAS Holdings විසින් මීට වසර 18කට පෙර ආරම්භ කරන ලද Eco Go Beyond දැන් ශ්‍රී ලංකාව පුරා පාසල් 149 ක් දක්වා වර්ධනය වී, සිසුන් 177,000 කට වැඩි සංඛ්‍යාවක් සවිබල ගන්වා ඇත. මෙහිදී අදහස් දැක්වූ MAS Holdings සමූහ තිරසර ව්‍යාපාර අධ්‍යක්ෂිකා නිමන්ති කූරගමගේ, තිරසර සංවර්ධන සංකල්ප පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division