Home » NDB බැංකුවෙන් අපනයනකරුවන්ට විශේෂ සැසියක්

NDB බැංකුවෙන් අපනයනකරුවන්ට විශේෂ සැසියක්

by Mahesh Lakehouse
April 26, 2025 12:30 am 0 comment

NDB බැංකුව ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත් කිරීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීම තහවුරු කරමින් අපනයනකරුවන් සඳහා වූ තවත් සාර්ථක විශේෂ සැසියක් පවත්වන ලදි. මෙම වැඩසටහන අපනයනකරුවන් සහ ප්‍රධාන කොටස්කරුවන් රැසක් එක්රැස් වන කුරුණෑගල නගරයේ පැවැත්විණි. අපනයන සංවර්ධනය සහ වර්ධනය වේගවත් කිරීමේදී NDB බැංකුවේ ව්‍යාපාරික බැංකු සේවාවන්හි උපායමාර්ගික කාර්යභාරය කේන්ද්‍ර කරගත් අර්ථවත් සාකච්ඡා සඳහා පැමිණි සිටි පිරිස දායක වූහ.

දේශීය ව්‍යවසායකයින්ගේ සහ තම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාමේ අභිලාෂය සහිත කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඇති අවස්ථා විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කළ ඉතා වැදගත් දැනුම බෙදා ගැනීමේ වේදිකාවක් ලෙස මෙම සැසිය පැවැත්විණි.

NDB බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මධ්‍ය වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ අංශයේ උප සභාපති ඉන්දික රණවීර විසින් ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳාමේ වර්ධනයට පහසුකම් සැලසීම සඳහා NDB බැංකුවේ දිගුකාලීන සැලසුම් පිළිබඳ අදහස් දක්වන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division