143
මහජන බැංකුවේ 2024 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු අතින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01. මුදල් අමාත්‍යංශයේදී පසුගියදා සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ මූල්‍ය ප්‍රධානී අසාම් ඒ අහමඩ් යන මහත්වරු ද සහභාගී වූහ.