54
“වඳුරු, රිළා, මොනර,
දඬුලේන ප්‍රශ්නය විසඳීමට
පහසුතම මඟක් ඇත.”
“ඒ කුමක්ද?”
“වෙඩි තැබීමට
සීමිත කාලයකට
අවසර දීමය.”
“අයියෝ! ඒක හරි නැහැ.
අවුරුදු 5,000ක හින්දු සංස්කෘතියත්,
අවුරුදු 2,500ක බෞද්ධ සංස්කෘතියත් අනුව
ඒක අකැප දෙයක්.”
“එහෙනම් 1971දීත්,
1988දීත් තරුණ-තරුණියන්
60,000ක් පමණ සහ
උතුරේ ඊටත් වැඩි ගණනක්
වෙඩි තබා ඝාතනය කළේ
මොන සංස්කෘතිය අනුව ද?”