Home » රාජ්‍ය සේවයේ 21,928ක් දිගු නිවාඩු අරන්

රාජ්‍ය සේවයේ 21,928ක් දිගු නිවාඩු අරන්

by Mahesh Lakehouse
April 26, 2025 12:38 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

කොවිඩ් 19 වසංගතය හා ඉන් පසු ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රජය විසින් දුන් නිවාඩු සහනයට අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් 21,928ක් දිගුකාලීන නිවාඩු ලබා සිටින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

වසරකට අධික කාලයක් ලබාගත හැකි දීර්ඝකාලීන නිවාඩු ගැනීමේ ක්‍රමවේදයට අනුව පුද්ගලයන් 13,394ක් විදේශගත වීම සඳහා නිවාඩු ලබාගෙන ඇති අතර, දේශීය නිවාඩු ලබාගෙන ඇති සංඛ්‍යාව 8,532කි.

දිගුකාලීන නිවාඩු මත සිටින මධ්‍යම ආණ්ඩුවේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ නියැළී සිටි සේවකයන් සංඛ්‍යාව 13,069ක් සහ පළාත් රාජ්‍ය සේවයේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 8,859කි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/2022 යටතේ එසේ ඔවුන් එම දිගුකාලීන විශේෂ නිවාඩු ගෙන ඇති අතර, 2024 මැයි 28 වැනිදා පවත්වන ලද රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ රැකියා සංගණනය පිළිබඳ මූලික වාර්තාවෙන් මේ තොරතුරු අනාවරණය වී ඇත. සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ආයතනවල ඇස්තමේන්තුගත සේවක සංඛ්‍යාව 1,156,018ක් වන අතර, එයින් 97%ක් ස්ථිර තනතුරුද 3.7%ක් තාවකාලික, අනියම් හෝ කොන්ත්‍රාත් වැනි ස්ථිර නොවන කාණ්ඩවලට අයත් බවද එම වාර්තාවේ සඳහන් වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division