Home » විදෙස්ගත පාතාලයන් 201ක් ගැන හෙළි වේ

විදෙස්ගත පාතාලයන් 201ක් ගැන හෙළි වේ

by Mahesh Lakehouse
April 26, 2025 12:37 am 0 comment
දීපාල් සමරසේකර

ඩුබායි ඇතුළු රටවල සිට මෙරට මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සිදු කරවන පාතාල කල්ලි ප්‍රබලයන් 201 දෙනකු පිළිබඳ සියලු තොරතුරු මේ වන විට හෙළි කරගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෙක් සිළුමිණට කීය.

මේ පාතාලයන් පිළිබඳව සියලු තොරතුරු අන්තර්ජාතික පොලීසිය (ඉන්ටර්පෝල්) වෙතද ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මෙරට පාතාලයන් රැඳී සිටින රටවල් සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් මෙරටට ගෙන්වාගැනීමේ නීතිමය කටයුතු සිදු කරමින් පවතින අතර 19 දෙනකු ඒ අනුව මේ වන විට මෙරටට ගෙන්වා ඇති බවද එම නිලධරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් 65 දෙනකු පමණ මේ වන විට විදේශගතව සිටින බවටද පොලීසියට තොරතුරු ලැබී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division