අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් 26 සෙනසුරාදා නිකුත් කිරීමට ඉඩ ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවසීය.
අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වූයේ පසුගිය වසරේ නොවැම්බර් 25 දින සිට දෙසැම්බර් මස 20 දින දක්වාය. එවර උසස් පෙළ විභාගය සඳහා විභාග අපේක්ෂකයන් 3,33,185 දෙනකු පෙනී සිටින අතර, එයින් 2,53,390ක් පාසල් අයදුම්කරුවෝ හා 79,795ක් පෞද්ගලික අයැදුම්කරුවෝ වූහ. රට පුරා විභාග මධ්‍යස්ථාන 2,312කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319කදී විභාගය පැවැත්වුණු අතර, 25,000කට අධික කාර්ය මණ්ඩලයක් මේ කටයුතුවලට සහභාගි විය.