Home » ඉන්දීය සිනමාවේ දඩබ්බරයා

ඉන්දීය සිනමාවේ දඩබ්බරයා

by Mahesh Lakehouse
April 26, 2025 12:30 am 0 comment
ශ්‍යාමා දේවිකා රණපති

ඔහු, තමා තරමක් ප්‍රචණ්ඩකාරී අයෙකු බව පිළිගත්තේය. තමන් නළුවෙකු නොවූවා නම් බොහෝ විට ‘ පාතාල ලෝකයේ’ සිටීමට ඉඩ තිබූ බව ඔහුම පවසයි. රංගනය ඔහුගේ සංවෘත හැඟීම් මුදා හැරීමට මාර්ගයක් ලබා දෙන බව තව වරෙක පවසයි. කෝපය නිසාම සිනමාවේ දුෂ්ඨයෙකු සේ නමක් තබා සිටින ඔහු රැඳෙන තැන උණුසුම්ය.

නානා පටේ­කර්

නානා පටේ­කර්

අඩු කතාවෙන්, ක්‍රියාවෙන් හැඟීම් මුදා හරින‍, ප්‍රචණ්ඩකාරී ඔහු‍, නානා පටේකර්. හිංදි සිනමාවේ අත්දැකීම් බහුල අති ප්‍රබලයෙක් කීවොත් වඩාත් නිවැරදියි.

“විශ්වනාත් පටේකර්” 1951 ජනවාරි 01 වැනිදා මහාරාෂ්ට ප්‍රාන්තයේ‍, මුරුද් – ජන්ජිරාහි මරාති පවුලක ඉපදෙනව. ඔහු හිංදි සහ මරාති සිනමාවේ නියැළෙන, ඉන්දියානු දානපතියෙක්, ලේඛකයෙක්, චිත්‍රපට නළුවෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් . “නානා පටේකාර් ” නමින් ලෝ ප්‍රචලිත වෙනව. ⁣බොලිවුඩයේ ” ගාමන්” නාට්‍යයෙන් 70 දශකයේ මුල් භාගයේ රංගනයට පිවිසි ඔහු “පරින්ද” චිත්‍රපටයේ මැර කල්ලියක රංගනයෙන්, ජාතික චිත්‍රපට සම්මානය සහ හොඳම සහය නළුවා සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගන්නව. ඉන් පසුව “අන්ගාර්” චිත්‍රපටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් හොඳම දුෂ්ටයා සඳහා සම්මානය දිනා ගන්නව. ඒ 1992 වසරේදී. ඔහුට ඇත්තේ වෙනස්ම රංගන විලාසයක් වන අතර දෙබස් උච්චාරණය හා දෙබස් ඉදිරිපත් කිරීම සඳහා ඔහුටම ආවේණික ලක්ෂණයන්ගෙන් රංගනයේ යෙදීමෙහිලා ප්‍රසිද්ධියක් දරයි. ඔහු ඉතා මතභේදාත්මක නළුවෙකි. 1994 වසරේ “ක්‍රන්තවීර්”හි ඔහුගේ චරිතය සඳහා ජාතික චිත්‍රපට සම්මානය, මෙන්ම හොඳම නළුවා සඳහා ෆිල්ම් ෆෙයාර් සහ තිර සම්මාන දිනාගත්තේය. හොඳම නළුවා‍, හොඳම සහය නළුවා‍, හොඳම දුෂ්ටයා යන කාණ්ඩ යටතේ ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනාගත් එකම නළුවා ද ඔහුය. මරාති ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙකක්, ජාතික චිත්‍රපටි සම්මාන තුනක්, ෆිල්ම් ෆෙයාර් සම්මාන දෙකක් ලැබූ පටේකර්ට 2013 වසරේ දී චිත්‍රපට හා කලා ක්ෂේත්‍රයේ ඔහුගේ කැපවීම වෙනුවෙන් ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබූ ඔහුට ඉහළම වරප්‍රසාද පිරිනමන ලදී. පටේකර් මුම්බායි හි සර් ජේ. ජේ. ව්‍යවහාරික කලා ආයතනයේ ආදි ශිෂ්‍යයෙකු ද වෙයි.

හිංදි සහ මරාති චිත්‍රපටවල ඔහුගේ සියුම් නිරූපණයන් හා බලපෑම් සහිත රංගනයන් සදහා තවමත් ප්‍රේක්ෂක මතකයන් නොබිඳී පවතී. 1978 වසරේ ගාමන් සමඟින් ආරම්භ වූ පටේකාර්ගේ වෘත්තීය ජීවිතය‍, 1988 වසරේ ‘සලාම් බොම්බෙ’ හි ‘ ක්‍රිෂ්ණාගේ’ චරියෙන් පසු ඉන්දියානු සිනමාව තුළ නව පිබිදීමක් සනිටුහන් කළේය.

එහි අධ්‍යක්ෂණය‍ සම-රචනය සහ සම- නිෂ්පාදනය මීරා නායර් විසිනි. මෙය ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු චිත්‍රපටයයි. ඉන්දියාවේ බොම්බායේ මුඩුක්කු නිවාසවල ජීවත් වන දරුවන්ගේ දෛනික ජීවිතය වටා ගෙතුණු මෙම චිත්‍රපටය ලෝ පුරා ප්‍රචලිත විය.

ඔහු රංගනයෙන් නොනැවතුණු අතර ඔහුගේ අධ්‍යක්ෂණයක් වන ප්‍රහාර්:ද ෆයිනල් ඇටෑක් සිනමාව තුළ ඔහුට හිමි තැන වඩාත් ත්‍රීව්‍රර කළේය. 1990 දශකය, ඔහුගේ සිනමා ජීවිතයේ අති ප්‍රබල කාල වකවානුවක් විය. මේ කාලය තුළ බිහි වූ රාජු බන් ගයා ජෙන්ටල්මන්, අංගාර්, තිරංගා සහ ක්‍රාන්තිවීර් වැනි චිත්‍රපට සමඟ විවේචනාත්මක හා වාණිජමය සාර්ථකත්වයක් ලැබිණි.

ඔහු ඉන්දීය සිනමාව තුළ තැබූ තමන්ටම ආවේණික රංගන ශෛලිය දශක ගණනාවක් පුරාවට රඳවා තබා ගැනීමට තරම් ප්‍රබලයකු විය. 1996 වසරේ තිරගත වූ අග්නි සාක්ෂි සහ ඛමෝෂි ද මියුසිකල් යන චිත්‍රපට දෙකෙහිම ඔහුගේ රංගනය යළි යළිත් සම්මාන රැසකට පාත්‍ර විය.

ශක්ති ද පවර්, අබ් තක් චප්පන් සහ අපහරන් චිත්‍රපටවල ප්‍රශංසනීය චරිත සමඟ 2000 දශකය දක්වාම ඉදිරියට ගිය අතර‍, එමඟින් ඔහුට දෙවන වරටද ‘හොඳම දුෂ්ටයා’ සඳහා දෙවන ෆිල්ම් ෆෙයාර් සම්මානයද හිමි විය. ‘ උදය ෂෙට්ටි’ ලෙස විකට රංගනයෙන් ‘වෙල්කම්’ (2007) සහ ⁣’වෙල්කම් බැක්’ (2015) චිත්‍රපටවල රංගන දායකත්වයෙන් සිනමාව තුළ ඔහුට ඇති කාර්යබහුලත්වය මනාලෙස පෙන්නුම් කළේය. ඉනුදු නොනැවතී ‘රාජ්නීති’ හි දේශපාලන ත්‍රාසජනක චරිතයකට 2010 දී පණ පොවන ලදී. ඉන් ඔහුගේ රංගන පරාසය තව දුරටත් ඉස්මතු විය. 2016 දී ‘නට්සම්රාත්’ නම් විශ්‍රාමික වේදිකා නළුවෙකුගේ චරිත නිරූපණයට හොඳම නළුවා සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය (මරාති) ලබා දුන්නේය. අඛණ්ව දශක ගණනාවක් පුරා‍, තම අනන්‍යතාවය ‍, ප්‍රතිභාපූර්ණත්වය හා රංගන කෞශල්‍ය නොකඩවා පවත්වාගෙන ඒම මනා සහජ හැකියාවකි‍, ඔහු සතු දක්ෂතාවකි. නානා පටේකර්ගේ උරුමය ඉන්දියානු සිනමා ඉතිහාසයේ තවමත් නොබිඳී පවතී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division