ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා සහ මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ඩයලොග් වයස අවුරුදු 19න් පහළ පාසල් රග්බි වාරය 2025 වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය හා අත්වැල් බැඳගත්තේය.
පළමුව ලීග් තරගාවලියෙන් ඇරඹී, අනතුරුව පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය පැවැත්වූ ඉකුත් වසරවල පාසල් රග්බි වාරයේ තරග සම්ප්‍රදායෙන් වෙනස්ව, 2025 අප්‍රේල් 25 වැනිදායින් ඇරඹුණු ප්‍රමුඛතම පාසල් 16ක් අතර වන, පිළිමලුන් පිටුදැකීමේ, ජනාධිපති කුසලාන තරගාවලියෙන් මෙවර තරගවාරය දියත් වීමට යෙදී තිබේ. එයින් පසුව, පාසල් 90ක ක්‍රීඩකයන් 2,500කට අධික පිරිසක් තරගවදින 2025 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය පැවැත්වෙනු ඇත.
මේ වසරේ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාසල් රග්බි දක්ෂතා ප්‍රදර්ශනය වන වේදිකාවක් බවට පත් වනු ඇති අතර, එහි තරග කොළඹ විවිධ ස්ථාන ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.
අප්‍රේල් 25 වැනිදා අර්ධ අවසන් පූර්ව ගැටුම් දෙකකින් මේ පාසල් රග්බි වසන්තය ඇරඹිණි. ඒ අනුව කොළඹ රාජකීය විදුහල් පිටියේදී වෙස්ලි විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ තරග වැදුණු, ධර්මරාජ විද්‍යාලය සීආර් ඇන්ඩ් එෆ්සී පිටියේදී පිටියේදී ඩී.එස්. සේනානායක විද්‍යාලය සමඟ තරග වැදිණි. අප්‍රේල් 26 වැනිදා තරග අරඹමින් සාන්ත තෝමස් විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය අතර තරගය සීආර් පිටියේදීත්, ඉක්බිති එහිදීම ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයත්, එදිනම, සහිරා විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය හැව්ලොක් පිටියේදීත්, ශ්‍රී සුමංගල විදුහල සහ ඉකුත්වර ශූරයන් වන ඉසිපතන අතර තරගය රාජකීය පිටියේදීද පැවැත්විණි. තරගාවලියේ ආරම්භක සති අන්තයේදී හෙවත් අප්‍රේල් 27 ඉරිදා සාන්ත පීතර සහ තර්ස්ටන් විදුහල් රාජකීය විදුහල් පිටියේදීද, රාජකීය හා කිංගස්වුඩ් විදුහල් සීආර් පිටියේද ප.ව. 4.15ට තරග වැදීමට නියමිතය.
තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග මැයි 3 සහ 4 දෙදිනදී පැවැත්වීමට නියමිත අතර, මෙවර ශූරයන් කිරුළු පලඳින අවසන් මහා තරගය මැයි 18 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
ඩයලොග් ආයතනය තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස, ThePapare TV (නාළිකා අංක 62, 63) සහ ThePapare TV HD (නාළිකා අංක 126, 127) ඔස්සේ තරගාවලියේ සජීව ලෙස විකාශය සඳහා කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකාව පුරා සිටින සිසුන්, ආදි සිසුන්, මවුපියන්, ඒ ඒ පාසල්වල ජය පතන්නන්ට සහ රග්බි ලෝලීන්ට අඛණ්ඩ සහ පුළුල් ආවරණයක් භුක්ති විඳීමේ අවස්ථාව සහතික කරමින් Dialog ViU සහ ThePapare.com ඔස්සේද තරග නැරඹීමට අවස්ථාව හිමි වේ.
ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සහ ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරිනැමීමෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා අන්තර්ජාතික ශූරතාවලි සඳහා සහභාගි වීමට හැකියාව සලසමින්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැප වීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් අඛණ්ඩව කටයුතු කරයි.