Home » රෝහණ විජේවීර මහතාගේ නැගණිය අභාවප්‍රාප්ත වෙයි

රෝහණ විජේවීර මහතාගේ නැගණිය අභාවප්‍රාප්ත වෙයි

by chanaka
April 27, 2025 4:11 pm 0 comment

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය ඊයේ (26) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

1948.05.06 කෝට්ටගොඩ දී උපත ලද එම මහත්මිය මිය යන විට තංගල්ල ප්‍රදේශයේ වාසය කරමින් සිටියාය.

මේ වනවිට අංක 208, මුතුමාල මාවත, පල්ලික්කුඩාව, තංගල්ල යන ලිපිනයේ ඇයගේ දේහය තැනපත් කර තිබේ.

අවසන් කටයුතු හෙට(28) පස්වරුවේ පවුලේ ඥාතීන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division