Home » එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයට ජනපති වියට්නාම් යයි

එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයට ජනපති වියට්නාම් යයි

by chanaka
April 27, 2025 4:14 pm 0 comment

එක්සත් ජාතීන්ගේ 20 වැනි වෙසක් දින උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන මස මුලදී වියට්නාමයේ නිල චාරිකාවක නිරත වීමට නියමිතය.

මෙම වසරේ එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේ ප්‍රධාන තේමාව වනුයේ ‘මානව ගරුත්වය සඳහා එකමුතුකම ඇතුළත් කිරීම: ලෝක සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය’ යන්නයි.

එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම මැයි 6 වැනිදා සිට 8 වැනිදා දක්වා හෝ චි මිං නගරයේ දී පැවැත්වේ.

රටවල් සහ ප්‍රදේශ 85කින් විදෙස් අමුත්තන් 1,250ක් ඇතුළුව නියෝජිතයන් 2,700ක් පමණ ඊට සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකාව හැරුණු විට, ඉන්දියාව, නේපාලය, ලාඕසය සහ කාම්බෝජය වැනි රටවලින් ද ඉහළ මට්ටමේ නියෝජිතයන් අපේක්ෂා කෙරේ.

අනගාරික ධර්මපාලතුමන් විසින් ඉදිකරන ලද සාරානාත්හි මූලගන්ධ කුටි විහාරයෙන් වියට්නාමයට වැඩමවන විශේෂ බුද්ධ ධාතු නැරඹීමට ද ජනාධිපති දිසානායක මහතා අපේක්ෂා කරන බව වාර්තා වේ.

ඉන්දියාවේ මහා බෝධි සංගමය භාරයේ ඇති ධාතූන් වහන්සේ පළමු වරට වියට්නාමයට වැඩමවන අතර සතියක් පුරා එරටදී ප්‍රදර්ශනය කෙරේ.

වියට්නාම් රජය ඉන්දීය රජය හරහා මෙම ධාතූන් වහන්සේ සඳහා ඉල්ලීම කර තිබේ.

එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් දිනය ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් විසින් යෝජනා කරන ලද අතර එය 1999 දී සම්මත කරන ලදී.

ශ්‍රී ලංකා-වියට්නාම් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරය ද මේ වසරේ සනිටුහන් කරන බැවින් මෙම වසර ශ්‍රී ලංකා-වියට්නාම් සබඳතා සඳහා විශේෂයෙන් වැදගත් වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division