Home » පාප්වහන්සේගේ දේහය මිහිදන් කළ බව වතිකානය නිවේදනය කරයි

පාප්වහන්සේගේ දේහය මිහිදන් කළ බව වතිකානය නිවේදනය කරයි

by chanaka
April 27, 2025 4:16 pm 0 comment

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය මධ්‍යම රෝමයේ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී මිහිදන් කළ බව වතිකානය නිවේදනය කළේය.

සිය වසරක සම්ප්‍රදාය වෙනස් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කළ අවසන් ඉල්ලීමට අනුව උන් වහන්සේගේ දේහය මෙලෙස රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව මිහිදන් කෙරුණි.

රෝමයේ ප්‍රධාන දුම්රියපොළ අසළ, කම්කරු පන්තියේ ජනතාව වෙසෙන කලාපයක පිහිටි ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව සිය අවසන් ගිමන් ස්ථානය ලෙස තෝරාගැනීමෙන් ද පිළිබිඹු වන්නේ සමාජයේ සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ වූ අනුකම්පාවයි.

වතිකානයේ ශාන්ත පීතර් බැසිලිකාවේ පැවති අවසන් දේව මෙහෙයන් පසු ශුද්දෝත්තම පියතුමන්ගේ දේහය රිය පෙරහරකින් රෝමය වෙත රැගෙන ආවේය.

ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් සරල සහ චාම් ලෙස ආරම්භ කෙරුණේ, ඊයේ මෙරට වේලාවෙන් මධ්‍යහන 12ට පමණයි.

වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර තිබූ පාප් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති මුද්‍රා තැබූ දෙන,, අවමංගල්‍ය පෙරහැරකින් සාන්ත පීතර චතුරශ්‍රය වෙත රැගෙන ආවේ ඉන් අනතුරුවය.

ඒ, මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට පමණය.

යැදුම් මෙහෙය පැවැත්වුණේ, කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ හිමිපාණන්ගේ මෙහෙයවීමෙන්ය.

ලොව පුරා කතෝලිකයන් සඳහා දින නවයක ශෝක දිනයක් ද ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division