ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහාය දැක්වීමේ තවත් පියවරක් ලෙස මහජන බැංකුව සිය ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ‘1990 සුව සැරිය’ ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට අනුග්‍රාහක දායකත්වයක් පිරිනමයි. ඒ අනුව වසරක් පුරා සුව සැරිය ගිලන් රථයක් නඩත්තු කිරීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය එම පදනම වෙත ලබා දීමට මහජන බැංකුව කටයුතු කරයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ පවසන්නේ ‘සෑම ශ්‍රී ලාංකිකයකුටම එකසේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන සුවසැරිය ගිලන් රථ සේවාවට මෙවන් පරිත්‍යාගයක් කිරීමට පියවර ගත්තේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවලදී එවැනි සහායක් නොමිලේ ලබා දීමේ වැදගත්කම මහජන බැංකුව මනාව අවබෝධ කරගෙන සිටින නිසා බවයි.