ලොව පුරා වැඩිහිටියන්ගෙන් 5% ක් පමණ මානසික අවපීඩනයෙන් පෙළෙන බවට ගණන් බලා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2008 දී ලොව පුරා රෝග පීඩාවන්ට බලපෑ තුන්වන හේතුව ලෙස Major depressive disorder (MDD) ශ්‍රේණිගත කර ඇත. ලොව පුරා විශාල පිරිසකට අසීමිත දුක් වේදනා ඇති කිරීමට අමතරව, මානසික අවපීඩනය සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 210ක් වැය වේ.
මානසික අවපීඩනයේ මූලික රෝග ලක්ෂණ මනෝ විද්‍යාත්මක වන නමුත් වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් දැන් දැන් පෙන්වා දෙන්නේ මානසික අවපීඩනයට ප්රත්යක්ෂ භෞතික බලපෑම් පවත්නා බවයි. නිදසුනක් වශයෙන්, සෛලීය පරිවෘත්තීය සලකුණු කිහිපයක් මානසික අවපීඩනය සමඟ සම්බන්ධ වී ඇති බැව් හඳුනා ගෙන තිබෙන අතර, නවීන තාක්ෂණය මඟින් එවැනි සලකුණු හඳුනා ගැනීමට පර්යේෂකයන්ට හැකි වේ.
2011 දී ඇමෙරිකානු මනෝ චිකිත්සක ලීසා පෑන් විශ්මයජනක සිද්ධි අධ්‍යයනයක් හෙළිදරවු කළාය. වෛද්‍යවරු සියදිවි නසාගැනීමේ අදහසින් පෙළෙන 19 හැවිරිදි රෝගියකුට ප්‍රතිකාර කිරීමට උත්සාහ කළහ. එය සාර්ථක වන බවක් පෙනෙන්නට නොතිබුණි.
රෝගියා අවස්ථා කිහිපයකදීම සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇත; විෂාදනාශක ද සාර්ථක නොවීය. එය පැහැදිලි විසඳුමක් නොපෙනෙන දරුණු තත්ත්වයකි. රෝගියාට පරිවෘත්තීය අසමතුලිතතාවක් (metabolic imbalance) ඇති බව පර්යේෂකයන් තේරුම් ගත් විට නවතම සොයා ගැනීමට මඟ පෑදීය. ඔවුන් මෙම අසමතුලිතතාවට ප්‍රතිකාර කළ අතර එවිට – රෝගියාගේ මානසික අවපීඩනය පහව යාමට පටන් ගත්තේය. මානසික ක්‍රියාකාරිත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වූ අතර සියදිවි නසා ගැනීමේ සිතුවිලි බොහෝ දුරට අතුරුදහන් විය.
සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති රෝගීන් විශාල සංඛ්‍යාවකට මෙම නව සොයා ගැනීම මගින් සෙත සැලසෙනු ඇතැයි වෛද්‍යවරු පවසති.