Home » කොවිඩ් අවදානමෙන් මිදෙන්න මුහුණු ආවරණ පලඳින්න

කොවිඩ් අවදානමෙන් මිදෙන්න මුහුණු ආවරණ පලඳින්න

by Mahesh Lakehouse
December 23, 2023 12:36 am 0 comment

මේ දිනවල ඉන්දියාව ඇතුළු රටවල් පහක පැතිරෙන ඔමික්‍රොන් ජේ.එන්. 1 කොවිඩ් වයිරස ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බැවින් වියපත් වූවන්, විවිධ සංකූලතා සහ බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්, දුර්වල ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයන් සහ ජනාකීර්ණ, පිරිසිදු වාතාශ්‍රයක් රහිත ආවරණය වූ ස්ථානවල ජීවත් වන පුද්ගලයන් නැවත මුහුණු ආවරණ පාවිච්චි කිරීම වැදගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය චන්දිම ජීවන්දර පැවසීය.

මේ වන විට කොවිඩ් 19 ඔමික්‍රාන් වයිරස ප්‍රභේදයේ B.A.2. 86 නමැති උප ප්‍රභේදය විකෘති වීමෙන් නිර්මාණය වූ JN.1 වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයක් දැකිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

දිගින් දිගටම පවතින අධික උණ තත්ත්වය, කැස්ස, සුවඳ සහ රස නොදැනීම, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර අරුචිය, වමනය කොවිඩ් නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ බව පැවසූ මහාචාර්ය චන්දිම ජීවන්දර මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් බවද සඳහන් කළේය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division