Home » කේන්දරේ 5වැනි භාවයේ පලාපල කථනය

කේන්දරේ 5වැනි භාවයේ පලාපල කථනය

by Mahesh Lakehouse
January 6, 2024 12:30 am 0 comment

ජන්මියා නියෝජිත තනතුරු කළමනාකරණ කටයුතු ආදියෙන් ආදායම් ලබයි

මෙම ජන්ම පත්‍රය හිමි තැනැත්තා ක්‍රිස්තු වර්ෂ 1993 අප්‍රේල් මාසයේ 07 වැනි බුධ දින පස්වරු 02.10 ට ජන්ම ලාභය ලබා ඇත. අප මෙම ජන්ම පත්‍රයේ 5වැනි භාවය පරීක්‍ෂා කරමු.

ක්‍රිස්තු වර්ෂ 1995 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින කුජ ග්‍රහයාගේ මහ දශාව ගෙවී ඇත.

ක්‍රිස්තු වර්ෂ 2013 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින දක්වා රාහු ග්‍රහයාගේ මහ දශාව පවතියි.

ක්‍රිස්තු වර්ෂ 2029 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින දක්වා ගුරු ග්‍රහයාගේ මහ දශාව පවතියි.

මෙම ජන්ම පත්‍රයේ 5වැනි භාවයේ උපස්ථානය හිමි රාහු ග්‍රහයා 3වැනි භාවයට සම්බන්ධ වන හෙයින් මේ තැනැත්තා නියෝජිත තනතුරු, කළමනාකරණ කටයුතු ආදිය මඟින් ආදායම ලබයි. මේ රාහු ග්‍රහයා 4වැනි භාවයට සම්බන්ධ වන හෙයින් මේ තැනැත්තාට, දරුපල අහිමි වෙයි. පෙම් බැඳීම් බිඳී යයි.

තවද මේ රාහු ග්‍රහයා 8වැනි භාවයට සම්බන්ධ වන හෙයින් මේ තැනැත්තාට බාධක, සිත් තැවුල්, කරදර ආදිය ඇති වෙයි. එසේම මේ රාහු ග්‍රහයා 12 වැනි භාවයට සම්බන්ධ වන හෙයින් මේ තැනැත්තා කලාව, නැටුම්, ලොතරැයි සූදු වැනි දේවල් මඟින් මුදල් විනාශ කරයි.

මෙම ජන්ම පත්‍රයේ 3වැනි භාවයට නිවේදක ග්‍රහයන් වන්නේ බුධ, රවි, රාහු, සඳු, ගුරු සහ කේතු ද, 4වැනි භාවයට නිවේදක ග්‍රහයන් වන්නේ සිකුරු සහ රාහුද, 8වැනි භාවයට නිවේදක ග්‍රහයන් වන්නේ ශනි, සිකුරු, බුධ, රවි සහ රාහුද, 12 වැනි භාවයට නිවේදක ග්‍රහයන් වන්නේ බුධ, රවි, රාහු, කුජ, සඳු සහ ශනි වෙති.

මේ අනුව එක් එක් භාව නිවේදක ග්‍රහයන්ගේ දශා සහ අතුරු දශා කාල සීමාවලදී එම ග්‍රහයන්ගේ ගෝචර ගමන් මඟින් තහවුරු කරන විට එකී භාවවලට අදාළ කටයුතු ක්‍රියාත්මක වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division