ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී හි ‘ නෙත් සුවය’ වැඩසටහන ලෝක දෘෂ්ටි දිනයට සමගාමීව, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාව තුළ වැළැක්විය හැකි අන්ධභාවය අවම කිරීමේ අරමුණින් පාසල් සිසු සිසුවියන් සඳහා ඇස් කණ්ණාඩි පිරිනැමීමේ වැඩසටහන පසුගියදා ආරම්භ කෙරිණි.
අවශ්‍යතා සහිත පාසල් දරු දැරියන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ මෙම ජාතික මෙහෙවර සඳහා ඩයලොග් එක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය දියත් කර ඇති Vision 2030 වැඩසටහන හා අඛණ්ඩව අත්වැල් බැඳ ගනිමිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය අන්ධභාවය වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර නියෝජිතායතනය එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහනේ දේශීය වැඩසටහන වන්නේ ශ්‍රී ලංකාව තුළ වැළැක්විය හැකි අන්ධභාවය අවම කිරීමේ අරමුණෙන් 2007 වසරේදී දියත් කරන ලද Vision 2020 වැඩසටහනය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන අතර, ඒ සඳහා නිරන්තර දායකත්වය දක්වමින් ඩයලොග් ශ්‍රී ලංකාව තුළ වැළැක්විය හැකි අන්ධභාවය අවම කිරීමේ ජාතික ප්රයත්නයට එක්ව සිටී.
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ පුළුල් අරමුණට එක්වන ඩයලොග්, ලෝක දෘෂ්ටි දිනයට සමගාමීව තිරසර සංවර්ධන ඉලක්ක 4 හි දැක්වෙන ‘ළමයින් සඳහා ගුණාත්මක අධ්‍යාපනය’ සාක්ෂාත් කර ගැනීම සඳහා අධ්‍යාපනයට එල්ලවන ප්‍රධාන බාධා මගහරවා ගැනීමට සහාය වෙමින් මෙම ජාතික ප්රයත්නය වෙනුවෙන් කැප වෙයි.
ඒ අනුව පාසල් අක්ෂි සායනවලින් ඇස් කණ්ණාඩි ලබා ගැනීමට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති අවශ්‍යතා සහිත සිසු දරු දැරියන් වෙත ඇස් කණ්නාඩි ලබා දෙයි. ඉකුත් වසර ගණනාව මුළුල්ලේ මෙරට අධ්‍යාපන ක්ෂේත්රය නඟා සිටුවීමෙහිලා සුවිශේෂී අන්දමින් පෙරමුණ ගන්නා ඩයලොග් සමාගම, ඒ වෙනුවෙන් ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව, නැණස ටෙලිවිෂන් නාළිකා මෙන්ම, නැණස ස්මාර්ට් පාසල් වැඩසටහන ද අඛණ්ඩව දියත් කරන අතර ඒ සඳහා මේ වන විටත් රුපියල් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කර ඇත.
ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ පැවසුවේ ‘නෙත් සුවය’ තුළින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ Vision 2030 වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම සතුටට කරුණක් බවත් ඒ තුළින් ශ්‍රී ලාංකික ජීවිත සවිබල ගන්වමින් නඟා සිටුවීමේ හා සීමා මායිම් නැති අනාගත සමාජයක් නිර්මාණය කිරීමේ සමාගමේ දැක්ම මූර්තිමත් කරන බවයි.
වමේ සිට දකුණට , වෛද්‍ය නිලධාරී, එච්. යූ. එන් දිසානායක, මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. කිරුෂාන්, රජයේ හෙද නිලධාරිනී එස්. එච්. වයි. කෆූර්, රජයේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි එන්. ස්වර්ණලතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, Vision 2030 (Vision 2030 Insight වැඩසටහන) හි ජාතික සම්බන්ධීකාරිකා වෛද්‍ය චම්පා පී. බානගල, ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය කපිල බන්දුතිලක, රජයේ හෙද නිලධාරිනී කේ.එල්.එස්. සිල්වා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තිරසාර අංශ ප්‍රධානී සහ අවදානම් සහ අනුකූලතා පිළිබඳ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය සී.එම්. ජයලත්