ශ්‍රී ලංකාවේ ප්රමුඛ අභ්‍යන්තර ගුවන් සේවාවක් වන සිනමන් එයාර් සිය මෙහෙයුම්වල දස වසරක් සපිරීම අභිමානයෙන් නිවේදනය කරයි. 2013 වසරේදී ආරම්භ කරන ලද සිනමන් එයාර් සංචාරක කර්මාන්තයට සුවිශේෂී සේවාවක් සපයමින් ආකර්ශණීය ස්ථානවලට ගමන් කරන ඉහළ පෙෙළ් සංචාරකයන් සඳහා පහසුකම් සපයන්නට සමත්ව තිබේ.
කටුනායක ගුවන්තොටුපොළේ මගී පර්යන්තයක්, ගොඩබිම හා දිය මත ගොඩබැස්සවිය හැකි යානාවලින් සමන්විත මෙම අභ්‍යන්තර ගුවන් සේවාව අද වන විට මගීන් අසූදහසකට වඩා මෙහෙයවා ඇති අතර, කොවිඩ් වසංගත තත්ත්වය වන විට වසරකට මගීන් පහළොස් දහසක් දක්වා වර්ධනය කර ගෙන තිබුණි. ජෝන් කීල්ස් හොල්ඩිංන්ස්, එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් සහ ෆීනික්ස් වෙන්චර් යන සමාගම්වල ආයෝජනයෙන් ආරම්භ කළ ෂැෆ්රන් එවියේෂන් සමාගමට අයත් සිනමන් එයාර් සේවාව සෙස්නා ගුවන් යානා තුනක් හා ගොඩබිම හා ජලාශවලට ගොඩබැස්සවිය හැකි ඇම්ෆිබියන් යානා දෙකකින් සමන්විත බව එහි අධ්‍යක්ෂක බර්නාඩ් ගුණතිලක මහතා සඳහන් කරයි.
විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවී ආර්ථීක ප්‍රශ්න තිබියදී පවා ඉතාම පරිශ්‍රමයකින් සිනමන් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යන්නට සමත් වූ අතර නියමිත ගුවන් වාරවලට අමතරව කටුනායක ගුවන් තොටුපොළේ සිට දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට යානා වෙන්කරගත හැකි බව ද ගුණතිලක ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවට සංචාරක කර්මාන්තයෙන් ප්‍රශස්ථ ආදායමක් ඉපැයීම අරමුණු කරගෙන ඉහළම පෙළේ සංචාරකයන්ට ගමන් පහසුව සපයන්නට සිනමන් එයාර් සේවාව සමත්ව ඇති අතර, රටට අවශ්‍යම කරන විනිමය උත්පාදනය කරන්නට පසුගිය දස වසර තුළ සමත්ව ඇති බව ද ෂැෆ්රන් එවියේෂන් සමාගම දක්වයි.