මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව සංඛ්‍යානය පිළිබඳ ගෞරව උපාධියක් ද, ව්‍යාපාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හැදැරුවේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සාමාජීය විද්‍යාපති උපාධියද කැලණිය විශ්වවිද්‍යාලයෙන් ද, ටෝකියෝහි ප්‍රතිපත්ති අධ්‍යයනය පිළිබඳ ජාතික උපාධි ආයතනයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබා ගත්තේය දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ මෑතකාලීනව ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ එම ආර්බුදයට අදාළ රාජ්‍ය මූල්‍ය ප්රවාහයට සැලකිය යුතු පීඩනයක් ඇති කරන ලදී. අය වැය හිඟය මූල්‍යයනය කිරීම සඳහා අපට විදෙස් ණය ලබා ගත නොහැකි වාතාවරණයක් තුළ බහු පාර්ශ්වීය ආයතනවල සහය ලබා ගැනීම ද අසීරු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට තීරණය කළේ විධිමත් ක්‍රියාවලිය ප්‍රතිඵලයක් ලෙසයි.
සමස්ත ජනතාවගේ යම් අවශ්‍යතාවක් ඉටු කිරීම සහ සැපිරීම සඳහා ඉදිරියට පැමිණි බලපෑම හමුවේ රජයටත් ශ්‍රී ලංකා මහ බැංකුවටත්, මුදල් අමාත්‍යාංශයටත් මේ තීරණය ගැනීමට සිදු විය. අපි IMF සමඟ එකඟ වූ වැඩසටහනක් සඳහා එහි කාර්ය සාධනය අගයමින් ඉදිරියට යන රටක් බවට පත් වී තිබේ. මෙහිදී වැදගත් වන්නේ IMF වැඩසටහනට පමණක් සීමා නොවී අනාගතයේදී ශ්‍රී ලංකා ජාතිය ඔසවා තැබීම සහ ශ්‍රී ලාංකීය සංවර්ධනය සඳහා කළ යුතු විශාල පරිවර්තන, ප්‍රතිසංස්කරණ සහ නව ආයතනික ව්‍යුහ සකස් කිරීමයි. රාජ්‍ය ගිණුම් කළමනාකරණය මෙන්ම පිරිවැය අවම වන වැඩසටහන් ද, එම පිරිවැය ලාභය කාර්යක්ෂම ලෙස ආයෝජනය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ද සමඟ අපට ඉදිරියට යාමට සිදු වෙයි.
මේ ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව වර්තමානයේ සාකච්ඡාවක් තිබේ. මේ පිළිබඳව පැහැදිලි කළ හැකියි. 2022 දෙසැම්බර් මස 31 වන විට අෙමරිකානු ඩොලර් බිලියන 36ක මුදලක් අපිට ගෙවීමට තිබිණි. එයින් 37% ප්‍රමාණයක් වසර 4-5ක් පමණ කාලයක් ඇතුළත එනම් 2023 සිට 2027 දක්වා කාලයේදී 37%ක් ගෙවා අවසන් කිරීමට නියමිතව තිබුණි.
ඉනික්බිතිව එළැඹෙන 2027 සිට 2047 දක්වා වන වසර 20ක කාලය තුළ බිලියන 36ක් ගෙවා අවසන් කිරීමට සිදුවෙයි. 51% කාලයක් මේ මුදලින් ඉතිරි කොටස ගෙවා අවසන් කළ යුතුයි. ඉන් අනතුරුව ඉතිරි 12% ගෙවීම සිදු කළ යුත්තේ 2048 පසුවයි. මේ ණය ගෙවා අවසන් කිරීමට මූලික සැලසුමක් ලෙස අප එකඟතාවකට පැමිණ ඇත. කුමන රජයක් බලයට පත් වූවත් ඇති වූ එකඟතාව මත මේ ණය මුදල ගෙවා අවසන් කළ යුතුමයි. මේ අතරතුරේදී 2027 පසුව යම් කිසි සෛවරීත්ව බැඳුම්කර වැනි ණය මුදලක් නැවත ගැනීමට සිතීමට හැකිය. ඒ අවස්ථාව වනවිට මේ ණයවලට තවත් ණය එකතු වුවහොත් මේ අර්බුදයේ තීව්රභාවය පැහැදිලි වනු ඇත. 2048 වර්ෂය දක්වා වුව ද ගෙවා අවසන් කර ඇත්තේ 88%ක ණය ප්‍රමාණයක් පමණකි. 2048 පෙර ගන්නා සියලුම ණය මෙයට එකතු වෙයි; ඒවා සමුච්චිත ණයක් වෙයි; එනම් ණය මත ණය ගොඩ ගැසීමක් වෙයි. ඒ නිසා අපි ප්‍රවේශමෙන් නැවත ණය නොගැනීමට වග බලාගත යුතුයි. එසේම දැනට ඇති මේ තත්ත්වය 2027 වර්ෂයේදී යම්කිසි විදිහකින් සහනයක් ලැබෙයි. විශේෂයෙන් විදේශීය බාහිර මූල්‍ය පරතරය අමෙරිකානු ඩොලර් මිලියන-3911ක මේ පරතරයක් පියවන්න මේ IMF නැවත අපිට මේ ලබාදෙන ණය ප්‍රමාණයෙන් යම් කිසි ණය ප්‍රමාණයක් ලබා දෙයි. අමෙරිකානු ඩොලර් බිලියන 3න් මේ සඳහා යම් කිසි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියි. 2027දී පසුව විස්තීරණ ණය පහසුකම යටතේ මේ අමෙරිකානු ඩොලර් මිලියන 329 මේ අර්බුදය විසඳීමට ලබාදෙයි. IMF එක අය වැයට සහය ලෙස අෙමරිකානු ඩොලර් මිලියන 600ක් ලබාදීමටත් ලෝක බැංකුව අෙමරිකානු ඩොලර් මිලියන 300ක් ලබාදීමටත්, ආසියානු සංවර්ධන බැංකුව අෙමරිකානු මිලියන 300ක් ලබාදීමටත් එකඟ වී තිබේ.
අපිට මේ වන විට නොපියවූ ණය ප්‍රමාණයක් වෙයි. විශේෂයෙන්ම එය අෙමරිකානු ඩොලර් මිලියන 1482 සෛවරීත්ව බැදුම්කර නිකුත් කිරීමට වෙළෙඳපොළට යෑමට 2027 ඉන් අනතුරුව ඉන් පසුව අෙමරිකානු ඩොලර් මිලියන 1500ක් ලබා ගැනීමේ හැකියාව අපට ඇත. එහිදි අෙමරිකානු ඩොලර් මිලියන -3911යි. මේ සංඛ්‍යා දෙක එකතු කළ පසු මේ දෙක අපට මූල්‍යයනය කළ හැකියි. 2027දි කුමන ආණ්ඩුවක් බලයට පත්වුවත් අෙමරිකානු ඩොලර් මිලියන -3911ක මේ හිඟය පියවිය යුතු වෙයි.
විස්තීරණ ණය පහසුකම් යටතේ IMF එක අපිට දීමට පොරොන්දු වී ඇත්තේ අෙමරිකානු ඩොලර් මිලියන 329කි. IMF අය වැය සහයට දීමට පොරොන්දු වී ඇත්තේ ද එවැනිම මුදලකි. අෙමරිකානු ඩොලර් මිලියන 600ක් ලෝක බැංකුව ලබා දීමට පොරොන්දු වී ඇත. එසේම ආසියානු සංවර්ධන බැංකුව අෙමරිකානු ඩොලර් මිලියන 300ක් ලබා දීමට එකඟ වී ඇත. එසේම නොපියවු ණය ගෙවීමේ සහනයක් අපිට ලැබේ. එහි එකතුව අෙමරිකානු ඩොලර් මිලියන 1482ක් ස්වෛරීත්ව බැදුම්කර නිකුත් අපට හැකියාව ලැබෙන්නේ 2027 වර්ෂයේදීය. ඉන් පසුව අෙමරිකානු ඩොලර් මිලියන 1500ක් ලබා ගැනීමේ හැකියාව අපට ඇත. එහිදී පවතින අභියෝගය ඔබට පැහැදිලියි. කුමන රජයක් බලයට පත් වුවත් මේ කර්කෂ තිත්ත ඇත්ත යටතේ මේ ණය ගෙවීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉටු නොකර සිටියහොත් අපි බංකොළොත් ජාතියක් බවට නිසැකයෙන්ම පත්වෙයි.
ඒ අනුව 2027 වර්ෂය දක්වා කවුරුත් මේ සඳහා කල්පනාකාරීව නැවත අපට සෛරීත්ව බැඳුම්කර නිකුත් කරන්න පුළුවන්කම ලැබෙන කල් අපි ඉතාමත්ම සංයමයකින් කටයුතු කළ යුතුයි. රටක් ලෙස මූල්‍ය විනය සම්බන්ධයෙන් මනා සැලැස්මක් සකස් කර ගැනීමට යුහුසුළුව ක්‍රියා කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය තිරසර මට්ටමට පත්වීම සහතික වීම සඳහා මෙරට අනාගත ණය ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධාරණයන් කිහිපයක් IMF අප වෙත දැනුම් දී තිබේ. විශේෂයෙන්ම IMF විසින් ණය තිරසරභාවය සම්බන්ධයෙන් කරනු ලබන විශ්ලේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් සාක්ෂාත් කරගත යුතු තිරසාර ණය ඉලක්ක කිහිපයක් අවධාරණය කර ඇත. එහි පළමු වැන්න නම් ණය ප්‍රමාණය 2032 වසර වනවිට රාජ්‍ය ණය ප්‍රමාණයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% වඩා අඩුව පවත්වාගෙන යන ලෙස උපදෙස් දී ඇති බව එම ඒවායේ නිර්ණායකවල සඳහන් වෙයි. විස්තීරණ ණය පහසුකම් අවධිය තුළ දළ මූල්‍යමය අවශ්‍යතා 2027 සිට 2032 දක්වා කාල පරිච්ඡේද තුළ මධ්‍යම රජයේ දළ මුල්‍යමය අවශ්‍යතාව සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% වඩා පහත මට්ටමක පවත්වාගෙන යායුතුයි. ණය සහ ණය වාරික ගෙවීමෙදී දළ දේශිය නිෂ්පාදිතයෙන් 13%ක වඩා පහළ මට්ටමක පවත්වා ගෙන යාමයි. ඊට වඩා නොගෙවන ලෙස ඔවුන් උපදෙස් දී තිබුණි. ඊට අමතරව විස්තීරණ ණය පහසුකම් වැඩසටහනින් පසු අවදිය තුළ විදේශීය මුදලින් ණය මධ්‍යම රජයේ ණය සේවා කරණය 2027 සහ 2032 වසර දක්වා සෑම වසරකම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කට වඩා අඩු පවත්වා ගෙන යන ලෙසයි. වාරික ගෙවන්නේ නම් නම් පොළී ගෙවන්නේ නම් දළ නිෂ්පාදිතයෙන් 4.5%කට වඩා පහළ මට්ටමකට පවත්වා ගෙන යාම යෝග්‍ය බව ඔවුන්ගේ උපදෙස් වන නිර්ණායකවල සඳහන් වෙයි.
ඒ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මූල්‍යමය පරතරයක් පිළිබඳව ඔවුන් අවධානයක් යොමු කරයි. විදේශීය මූල්‍යමය පරතරයන් ප්‍රමාණවත් පරිදි 2023 සහා 2027 ණය සේවා කරණය අඩු කිරීමට උපදෙස් ලබාදී ඇත. එනම් ණය ගෙවීම් අඩුකර ණය හිමියන් සමඟ අපි සාකච්ජා කර ගෙවීමට හැකියාව ඇත්තේ මෙපමණ බව සඳහන් කරමින් ඔවුන් සමඟ එකඟතාවක් ඇති කර ගනිමින් ඉතාමත් සීරු මාරුවේ මේ ණය ගෙවීම් ක්‍රියාවලිය සිදුකරන ලෙස ඒ සඳහා මැදිහත් වන ලෙස දැඩි සේ අවධාරණයක් කර ඇත. රාජ්‍ය මූල්‍ය පිළිබඳ විස්තීරණ ණය පහසුකම යටතේ කර ඇති අවධාරණයක් ආදායම් වර්ධනය කර ඇති ක්‍රියාමාර්ග සහ වියදම් තවදුරටත් තාර්කිකරණය කිරීම මඟින් රාජ්‍ය මූල්‍යමය ඉලක්ක සපුරා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්රකරණය ක්‍රියාමාර්ග අඛණ්ඩව කරනු ඇතැයි ඔවුන් විශේෂයෙන්ම අපේක්ෂා කරයි. එහිදි තදබල ලෙස උපදෙස් ලබා දෙයි. ඉදිරි කාලයේදි රාජ්‍ය අයවැය හිඟය මහ බැංකුව හරහා මූල්‍යයනය කිරිමේ හැකියාව අවම වෙයි.
මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් නව මහ බැංකු පනත මඟින් මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව අවම කර ඇති ඉදිරියේදි එම මුදල් අච්චු ගැසීමත් අපේ අය වැය හිඟය මූල්‍යයනය කිරීමේ හැකියාව නැති නිසා මේ සංක්‍රාන්ති කාලය තුළ දි මුල්යස්ථාවරත් හොඳ මට්ටමකට පවත්වාගෙන යාමට යන කාලය තුළදි එම සංක්‍රාන්ති කාලය තුළදී එවැනි අවශ්‍යතා මතු නොවීම සඳහා අවශ්‍ය ගැළපීම් සිදුකිරීමට රාජ්‍යයෙන් අපේක්ෂා කරයි. එනම් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් අච්චු ගසා රාජ්‍ය මූල්‍ය පියවා නොගෙන වෙනත් මාර්ග මොනවාද යන්න මෙවැනි ක්‍රියාමාර්ග මොනවාද යන්න විශේෂ අවධානය යොමු කරනු ලබයි. රජයට විශේෂ උපදෙස් ලබාදෙයි. ඒ අතරතුර කාලය රජය සතු ව්‍යවාසාය සම්බන්ධයෙන් අපේක්ෂිත පුළුල් වැඩසටහන් හරහා රාජ්‍ය මූල්‍ය ආදායමෙන් අනවශ්‍ය ලෙස ආදායම් අහිමි වී යාම විසඳා ගැනීමට ඇති හැකියාව රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් වෙයි. ඒවා නැවතත් රාජ්‍ය මූල්‍ය තුළින් මූල්‍යයනය කර ඒවා නඩත්තු කර ගැනීමට නොයා ආදායමක් ලබන ව්‍යාවසායන් බවට පත් කර ගැනීමට දැඩි අවධානයක් යොමු කර තිබේ. ඊට අමතරව යෝජිත ශ්‍රි ලංකා මහ බැංකු පනත පවතින නව නීති රීති බැංකු අණපනත් පවතින නීති සංශෝධන ආදිය රටේ ආර්ථික කළමනාකරණයට අදාළ ආයතනික හා නියාමන ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි සඳහන් වෙයි.
ඔබ කවුරුත් දන්න කාරණාවක් නම් පසුගිය කාලයේ දුෂණ විරෝධි රාමුව විනිශ්චය කිරිම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ විශේෂයෙන්ම දුෂණ විරෝධී පනත් වැනි මුල්‍ය සන්දර්භය ඉතා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පනත් මූල්‍ය විනය පවත්වා ගෙන යාමටත් නීති රාමු පවත්වා ගෙන යාමටත් ඔවුන් උපදෙස් දී ඇත. එහි සමහර කොටස් කෙරීගෙන යයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද පනතත් එවැනි ශක්තිමත් පනතක් ලෙස ආර්ථික විද්‍යාඥයන් විශ්ලේෂණය කරයි. එය රටේ මූල්‍ය සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වෙයි. මේ ප්‍රතිසංස්කරණ සහ නව ආයතනික ව්‍යුහයන් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙසට ගෙන යන මාර්ගයට මුල්‍ය විනය පවත්වාගෙන යාම සහ මුල්‍ය විනය සහ කාර්යක්ෂමතාව සහ මූල්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කර ඇති නිර්ණායක සහ උපක්‍රම සමඟ අපට එකට ගැසී ඉදිරියට යාම සිදු වෙයි.
එමෙන්ම, මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ සහය හේතුවෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජක විශ්වාසය නැවත ඇති කරනු ඇති අතර, ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට හා නැවත වෙළෙඳපොළ ප්‍රවේශය ලබා ගැනීමට ද හේතු විය හැකිය. 2023 වසරේ දී අෙමරිකානු ඩොලර් මිලියන 900 ක අපේක්ෂිත ප්‍රතිලබ්ධි ඇතුළුව ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් අෙමරිකානු ඩොලර් බිලියන 3.75 ක පමණ අයවැය සහයක් ලබා ගැනීමට ද මෙම වැඩසටහන පහසුකම් සලසනු ඇත. මේ වැඩසටහන යටතේ ගනු ලබන ප්‍රතිසංස්කරණ පියවර තුළින් ප්‍රමාණවත් විදේශ අංශයේ අවරෝධක ගොඩනැඟිම තුළින්, ගෝලීය වෙළෙඳපොළ වෙත ක්‍රමානුකූලව පිවිසීමට ද, 2027 වසරේ දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම් මඟින් අරමුදල් රැස් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. විදේශ මූල්‍යයනය ලබා ගැනීමේ මෙම ක්‍රමවේදයන් හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ මූල්‍යනය පරතරය පියවීම සඳහා දායක වනු ඇත. තවද, විදේශ සංචිත ගොඩනැංවීමට ද බාහිර හා අභ්‍යන්තර කම්පනවලට එරෙහිව ආර්ථිකය ශක්තිමත් කිරීමට ද මෙම ප්‍රවේශය ඉතා වැදගත් වේ.
සුභද්‍රා දේශප්‍රිය