කුඩා තේ වතු හිමියන් තේ වගාව කෙරෙහි යොමුවීම දිරිමත් කිරීම් අරමුණින් රුපියල් 9,750ක්ව පැවැති NPK රසායනික පොහොර
මිටියක මිල රුපියල් 7,700 දක්වා රුපියල් 2,050කින් පහළ හෙළීමට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පියවර ගෙන ඇත.
වසර 2022දී වසර 27කට පසු වාර්තා වූ අඩුම තේ අස්වැන්න ලෙස තේ කිලෝ මිලියන 251.8ක් වාර්තා වූ අතර, එය වෙළෙඳපොළේ තේ කිලෝවක මිල ඉහළ ගිය ඉතිහාසගත වර්ෂය ලෙස සැලකෙන බව පැවසූ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් පොහොර මිල පහළ හෙලීම කුඩා තේ වතු හිමියන් දිරිමත් කිරීම සඳහා කාලීන පියවරක් බව ද පැවසීය. පොහොර මිල ඉහළ යෑම, දැඩි නියඟය සහ අධික වර්ෂාව හේතුවෙන් ඉකුත් වසරේ තේ අස්වැන්න කිලෝ මිලියන 256.03කට සීමා වුවද මෙම සාධනීය පියවර මඟින් මේ වසර අවසන් වන විට තේ කිලෝ මිලියන 275ක අස්වැන්නක් අපේක්ෂා කරන බව සහාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඉනෝකා පෙරේරා බණ්ඩාර