ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් දින සමරු උලෙළ විශේෂ අවස්ථාවක් සේ සලකා රාජ්‍ය ආයතන, ගොඩනැඟිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එළඹෙන පෙබරවාරි මස 3 හා 4 දිනයන්හි රාජ්‍ය ආයතන ගොඩනැඟිලි විදුලියෙන් අලංකරණය කරන ලෙස චක්‍රලේඛයක් මඟින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන සුදුසු අයුරින් විදුලි බල්බ දල්වන ලෙසත් ඒ සම්බන්ධයෙන් තමන් යටතේ ඇති සියලු ආයතන දැනුවත් කරන ලෙසත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛය මඟින් දැනුම් දී ඇත.
නිදහස් දින සමරු උලෙළ පෙබරවාරි 1 සිට 7 දා දක්වා පුරා සතියක් සියලු රජයේ ආයතන ගොඩනැඟිලිවල ජාතික කොඩිය ඔසවන ලෙසද ඒ චක්‍රලේඛය මඟින් උපදෙස් දී තිබේ.
මහින්ද අලුත්ගෙදර