වත්පිළිවෙත් නිසි පරිදි සිදුකර හත්වර සජ්ඣායනා කළ යුතු දැහැන්
ඉසිවර පාඨක ඔබගේ ප්‍රයෝජනය සඳහා දෙවි දේවතාවුන් වහන්සේ ගැන පළ වන ලිපි මාලාවේ තුන්වැන්න ලෙස ගම්බාර සිද්ධ සූනියම් දෙවියන්ගේ තෙද බල සහ වික්‍රමයන් ගැන තොරතුරු පළ වෙයි. උන්වහන්සේ තේජෝ බල මහා පරාක්‍රමයෙන් යුත් අති ප්‍රබල තේජවන්ත දෙවි කෙනෙකි. උන්වහන්සේ පිළිබඳ පුරාවෘත්ත රාශියකි. උන්වහන්සේගේ ආගමනය හා විකාශනය පිළිබඳව මා මෙහි සඳහන් කරනු නොකැමැත්තෙමි. ඊට හේතුව මෙවන් තේජෝබල දෙවි කෙනෙකු පිළිබඳව ලක්වාසී ජනී ජනයා අතර ඇත්තේ මහා ඉහළ විශ්වාසයක් නිසාය. ඒ නිසාම පුරා වෘත්තයන් වෙනුවට උන්වහන්සේගේ පිහිට ආධාරය ලබාගත හැකි එමෙන්ම තිස් වසරක් තිස්සේ මා ලැබූ අත්දැකීම් සමූහය ඔබ හමුවේ තැබීම ඉතාම වැදගත් යැයි සිතමි.
ලංකාවාසී අපි සිද්ධ සූනියම් දෙවියන් ‘ගම්බාර දෙවියන්’ ලෙසද හඳුන්වමු. උන්වහන්සේ ඉන්දියානු සම්භවයක් සහිත දෙවි කෙනෙකු බව උන්වහන්සේගේ පාරිශුද්ධ එමෙන්ම අණසක පිළිබඳව මුල, මැද, අග හැදෑරීමේදී ගම්‍ය වෙයි. උන්වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ බැතිමතුන් තුළ ඇත්තේ අති විශාල විශ්වාසයකි. යමෙකු උන්වහන්සේ ‘සූනියම් දෙවි’ ලෙසද තවත් යමෙකු ‘සූනියම් යක්ෂයා’ ලෙසද හඳුන්වනු ලබන බොහෝ දෙනා දන්නා කරුණකි. අපි දැන් උන්වහන්සේ පිළිබඳව නිවැරදි කරුණු කාරණා දැන ගනිමු.
අපේ වන්දනාමානවලට පාත්‍ර වී ඇති බොහෝ දෙවිවරු මතු බුදු බව ප්‍රාර්ථනා කරනා බව හැඟී යන කරුණකි. විෂ්ණු, කතරගම, පත්තිනි, සුමන සමන් ආදී කොටගත් ප්‍රබල දෙවිවරු පමණක් නොව මහා භද්‍රකාලී, කඩවර, සූනියම් ආදී යක්ෂ ගණයට අයත් පොළෝවාසි දෙවිවරුද මතු බුදු බව ප්‍රාර්ථනා කරනා බව පුරාණ දේව කන්නලව් පරිශීලනය කිරීමේදී අවබෝධයට ගත හැකි කරුණකි. ඉන්දියාවේ දකුණුදිග ජනයා මහත් භක්තියකින් යුතුව වර්තමානයේත් සූනියම් දෙවියන් අදහන අතර, ඔවුන් උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ ‘පුරාසාධි’ එසේත් නැතිනම් ‘දේවරාජ්’ දෙවියන් ලෙසය.
මුලින් අපි උන්වහන්සේගේ කාර්යභාරය කුමක්ද යන්න විමසා බලමු. ප්‍රධාන වශයෙන් උන්වහන්සේගේ රාජකාරිය වන්නේ ආරක්ෂක කාර්යේ නිරත වීමයි. උන්වහන්සේ තුරඟ වහනාරූඪව රාත්‍රී කාලයේ ගම් නියම්ගම් පුරා සැරිසරන බව පැරණි ගැමියන්ගේ විශ්වාසයයි. එම විශ්වාසය අදටත් පවතී. එම කාර්ය උන්වහන්සේ සිදු කරනු ලබන්නේ මහා බ්‍රහ්ම රාජයාගේ අණ පරිදිය.
එමෙන්ම විෂ්ණු දෙවිඳුන්ගේ පණිවිඩකරු ලෙසද ගම්බාර සූනියම් දෙවිඳු හඳුන්වනු ලබයි. විෂ්ණු දෙවියන් උදෙසා පිච්චමල් තේවාවේ යෙදෙන උන්වහන්සේ සුවඳ ආඝ්‍රාණය කිරීමට ප්‍රියතාවක් දක්වන බවකි. තවත් බොහෝ කරුණු පුරාවෘත්තයේ ඇතත් ඒ සියල්ල පසුවට තබා උන්වහන්සේගේ පිහිට ආධාරය ආකර්ෂණය ලබාගන්නා ක්‍රමවේද පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. උන්වහන්සේගේ වැඩ සහ අවැඩ යන කාර්යන් දෙකම ඉටු කරවාගත හැකිය. සුබ වැඩ සඳහා පුර පක්ෂයද අසුබ වැඩ සඳහා අවපක්ෂයද යොදා ගැනීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.
මා මෙහිදී උන්වහන්සේගේ පුර පක්ෂයේ හා අවපක්ෂයේ වේශානුරූපය වෙනස් වන අයුරු පිළිබඳව සඳහන් කළහොත් පුර පක්ෂයට දේව ස්වරූපයෙන්ද අව පක්ෂයට යක්ෂ රූපයෙන්ද පෙනී සිට නර ලොව නරයින් හට දිෂ්ටි හෙළා නරයන්ගේ කන්නලව්වට දිව සවන යොමන බව සත්‍යවාදීව පැහැදිලිය. උන්වහන්සේගේ පිහිට ආධාරය ඔබට ලබාගැනීමට උන්වහන්සේගේ ආකර්ෂණය ලබා ගැනීමට ඔබගේ ඉල්ලීම් ඉටුකර ගැනීමට යහපත් කාරණාවන් සඳහා පහත සඳහන් ක්‍රමවේදය අත්හදා බලන්න. ඔබ පුදුමයට හා විස්මයට පත් කරමින් ඒකාන්ත වශයෙන්ම උන්වහන්සේගේ පිහිට ඔබට ලැබෙනු ඇත. සාමාන්‍යයෙන් උන්වහන්සේට පහන් තැබීම නිවස තුළ සිදු කළ යුතු නොවේ. නිවසින් බැහැරව තම සීමාව තුළ ඊසාන දිශාවට බරව තමාගේ පපු ප්‍රදේශයට උසින් තනා ගත් මල් පැලක උන්වහන්සේගේ ප්‍රතිමාවක් තබා ස්ථානය සුදු වැලි අතුරා නූල් ඇද සීමාකර සකස්කර ගත යුතු බව මතක තබා ගත යුතුය. අනතුරුව පුර පක්ෂයේ පළමු කෙම්මුර දිනක රාත්‍රියේ පොල් ගෙඩියක් බිඳ එක් බෑයක ගිතෙල්ද අනිත් බෑයට සමන් පිච්ච මල් ද පුරවා ප්‍රතිමාව අබියස තබා ගිතෙල් බෑය දල්වා උන්වහන්සේට ආරාධනා කර පහත සඳහන් සූනියම් දැහැන් හත 7වර කියන්න.
අතිප්රබල දැහැන් 7
1) ඕං හ්රාං හ්රීං මරුක්කඩල් මුක්ක ඩල්
ඉදිරිප්පුතෙල් ශ්‍රී කදිරම් මේ අරිප්පලේ
මුරුවා නාග භුෂණ වර වර නමඃ
2) ඕං කෛවීර සත්දනී ශුභ්‍ර වර්ණ
හත හත ජල නීල ඕඩ්ඩියා වර වර නමඃ
3) ඕං ශුදා හා ඔඩ්ඩි මස්සිනේ වර වර
කීල උපුව වර වර නමඃ
4) ඕං ගජ දේව තලේ ඔඩ්ඩිය වර වර නමඃ
5) ඕං හ්රීං දන්තමාල ශ්‍රී සද්ධර්ම අණින් වර වර නමඃ
6) ඕං කෛමුණ්ඩේ වර උර්ලිප්පාත්තු කෛසාස
ස්වන්ද ඔඩ්ඩියා වර වර නමඃ
7) ඕං ඊශ්වර බන්ද මහේෂ්වර බන්ද කන්ද
කුමාරයාගේ ඔඩ්ඩි කුමාර දේවතාවා බන්ද ඒස්වා හා
මනා ලෙස සුවඳ දුම් දී තම විශ්වාසය ගුරුකොට සිතෙහි තබා ඉහත ක්‍රමවේදය නිසි ලෙස සම්පූර්ණ කොට ඔබගේ සිතැඟි ප්‍රාර්ථනා උන්වහන්සේ අබියස කියා සිටින්න. අනිවාර්යයෙන්ම දින 3 – 7 – 9 ඇතුළත ඔබගේ බලාපොරොත්තුව ඒකාන්තයෙන්ම උන්වහන්සේ ඉටුකර දෙනවාමය. මෙයට අදාළ තවත් දිෂ්ටි මන්ත්‍ර ඇත. මෙම ලිපි පෙළෙන් ඒ සියල්ල මතුවට බලාපොරොත්තු වන්න.
ජ්‍යොතිර් විද්‍යා විශාරද
කේ. එස්. එස්. යෝදින්ගේ