ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO, Diversified කාණ්ඩයේ ඒකාබද්ධ රන් සම්මානය සහ Integrated Reporting වෙනුවෙන් රන් සම්මානයක් දිනාගනිමින් South Asian Federation of Accountants (SAFA) Best Presented Annual Report Awards, Integrated Reporting Awards and SAARC Anniversary Awards for Corporate Governance Disclosures Competition 2022 යන සම්මාන උලෙළේ දී ඇගයීමකට ලක් විය.
දකුණු ආසියාව තුළ ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය පවත්වා ගනිමින් එහි නව්‍ය ප්‍රවේශ කරා ගමන් කිරීමේ සිය ප්‍රගමනය ප්‍රතිඵලයක් වශයෙන් DIMO මෙම සම්මානයන් දිනාගනු ලැබීය. DIMO හි මූල්‍ය සාමාන්‍යාධිකාරී සුදත් මහගෙදර සහ DIMO හි සමූහ මූල්‍ය සැලසුම් සහ පාලන ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී අමාලි ද සොයිසා විසින් පසුගියදා ඉන්දියාවේ පැවති සම්මාන උලෙළහිදී මෙම සම්මාන පිළිගන්නා ලදී.