මෙරට පාසල් සිසුන්ගෙන් දෙලක්ෂ හැටදහසක් පමණ බරපතළ දන්ත ව්යසනයන්ටත් ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභික ඩබ්.ඩී. රෝෂන් කුමාර සිළුමිණට පැවසීය.
2023 වසරේදී පරීක්ෂා කළ යුතු යැයි හඳුනා ගත් සිසුන් 15,89,603 දෙනකුගෙන් මේ වන විට සිසුන් 13,61,769ක් පරීක්ෂා කර ඇත. දන්ත ආබාධවලට අමතරව අක්ෂි ආබාධ ඇතුළු විවිධ රෝගාබාධයන්ට ගොදුරු වූ සිසු සිසුවියන් රැසක් හඳුනාගෙන තිබේ. අධික පැණි රස ආහාර ගැනීම සහ ක්‍රියාශීලී බව අඩු වීම හේතුවෙන් නාගරික පාසල් ආශ්රිත දරුවන් බහුල ලෙස මෙම තත්ත්වයට ගොදුරු වී ඇති අතර, ග්‍රාමීය දරුවන් තුළ ද මෙම තත්ත්වය දැක ගත හැකිය.