Home » ජීවන තොරතුරු හෙළිකරන විවිධ රේඛා

ජීවන තොරතුරු හෙළිකරන විවිධ රේඛා

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

– සුබ පල වැඩිකරන ආරෝහණ රේඛා
– අවරෝහණ සහ දම්වැල් රේඛා අසුබයි

අල්ලක පිහිටන ප්‍රධාන රේඛාවන් හය පිළිබඳව මේ වන විට ඔබ දැනුම්වත්ව ඇත. රේඛා සලකුණු සාමුද්‍රිකා ශාස්ත්‍රයේ ඉතාමත් වැදගත් කොටසක් බව ඒ අනුව ඔබට පැහැදිලි ඇතැයි සිතමි.

යම් යම් දේවල් සම්මුති සත්‍ය වශයෙන් බලන විට එක වගේ පෙනුණද පරමාර්ථ වශයෙන් බලන විට හාත්පසින්ම වෙනස් රේඛා ගැනත් කිව යුත්තේද එයමය. එකම රේඛාවක වුවද මොනතරම් වෙනස්කම් තියෙනවද හැබෑවටම. රේඛාවල දක්නට ලැබෙන එවැනි විවිධාකාර පොදු වෙනස්කම් පිළිබඳව මෙවර සඳහන් කෙරේ.

1. ආරෝහණ රේඛා

රූප රාමුවේ 1 වැනි කොටුවෙන් පෙන්නුම් කරන පුංචි අත බලන්න. ජීවන රේඛාවෙන් ආරම්භ වෙලා උඩු අත බලා විහිද යන කෙටි රේඛා කීපයක් එහි පෙන්නුම් කර ඇත. ජීවන රේඛාවේ සිට හෝ වෙනත් ප්‍රධාන රේඛාවක සිට ආරම්භ වෙලා උඩු අතට එනම් ඇඟිලි දෙසට විහිදෙන එම රේඛාවලට කියන්නේ ආරෝහණ රේඛා ලෙසිනි.

ප්‍රධාන රේඛාවලින් කියැවෙන සුබපල තව තවත් වැඩි වෙන්න ආරෝහණ රේඛා රුකුල් දෙයි. ඒ වගේම කිරි ගහට ඇන්නා වාගේ ඉලක්කයටම පලාපල කියන විටද ආරෝහණ රේඛා ගැන විශේෂයෙන් පරීක්ෂා කරන්නට සිදු වේ. එම ආරෝහණ රේඛාව ජීවන රේඛාවෙන් පටන්ගන්නා ස්ථානය අනුව සුබපල ලැබෙන කාලසීමාවක් දැකගත හැකියි.

2. අවරෝහණ රේඛා

අවරෝහණ රේඛා ප්‍රධාන රේඛාවකින් ආරම්භ වී පහළට විහිද යන රේඛායි. ඒ කියන්නේ ආරෝහණ රේඛාවල අනිත් පැත්ත ප්‍රධාන රේඛාවෙන් කියැවෙන සුබපල නැති භංග කර දමන්න අවරෝහණ රේඛා හේතු වේ. ජීවන රේඛාවෙන් ආරම්භ වී පහළට විහිදෙන ඒ විදියේ අවරෝහණ රේඛා කීපයක් 2 වැනි කොටුවේ ඇති පුංචි අතෙන් ඔබට දැකගත හැකිය.

3. දම්වැල් රේඛා

දම්වැල් රේඛා කියල කියන්නේ දම්වැලක් වගේ පිහිටන රේඛාවලටය. දම්වැල් රේඛා අසුබ පිහිටීමකි. එවැනි රේඛාවලින් කිසිම යහපතක් සිදු නොවේ.

දම්වැල් රේඛාවල සාමාන්‍ය පිහිටීම 3 වැනි කොටුවෙන් දැකිය හැකිය. දෛව රේඛාවේ සහ කීර්ති රේඛාවේ දම්වැල් ලක්ෂණ පිහිටා ඇති ආකාරයයි එලෙස පෙන්නුම් කර තියෙන්නේ.

4. බිඳුණු රේඛා

රූප සටහනේ 4 වැනි කොටුවට දැන් ඔබේ අවධානය යොමු කරන්න. බිඳුණු රේඛාවල සාමාන්‍ය පිහිටීම එලෙසය. ජීවන, ශීර්ෂ හා හෘදය යන රේඛා බිඳී ගොස් ඇති හැටි එහි දක්වා ඇති බිඳී යාම කියල කියන්නේ රේඛා කැඩී යාමයි. වෙන්වීම කියා කීවද වරදක් නැත. ප්‍රධාන රේඛාවක් වෙනත් කෙටි රේඛා සලකුණකින් කැපී යාමක් බිඳී යාමක් වශයෙන් හඳුන්වා දිය හැකිය. ඒ සෑම බිඳීමකින්ම කුමක් හෝ නස්පැත්තියක් පෙන්නුම් කරයි. අපි හිතමු ඒ බිඳුණු ස්ථානය හතරැස් කොටුවකින් වටවෙලා තියෙනවා කියා. එසේනම් වෙන්න තියෙන නස්පැත්තියෙන් අත්මිදී එම අයට ආරක්ෂාව සැලසේ. ඒ විදිහේ ආරක්ෂිත පිහිටීමක් ජීවන රේඛාවේ අග කොටසින් දැක ගන්න.

5. ත්‍රිශූල රේඛා

දැන් බලන්න රූප රාමුවේ 5 කොටුවෙන් පෙන්වන අත දිහා ත්‍රිශූල රේඛාවල සාමාන්‍ය පිහිටීමයි එය. ජීවන රේඛාවේ අවසානයේදීත්.

හෘදය රේඛාවේ අවසානයේදීත් ත්‍රිශූල ලක්ෂණ වැටී ඇති ආකාරය ඔබට දැකගත හැක. ත්‍රිශූල රේඛාව බොහෝ වාසනාවන්ත පිහිටීමකි. රේඛාවේ බලය වර්ධනය වෙන්න එය හේතු වන බව හස්ත රේඛා විද්‍යාවේ සඳහන් වෙයි.

6. පළල් රේඛා

යටට හෑරී ගියා වැනි ස්වභාවයක් නොමැතිව පළල් වීම, පළල් රේඛාවල ඇති විශේෂ ලක්ෂණයක් බව මතක තබා ගත යුතුය. මහතට තිබුණට එම රේඛා හරිම දුර්වලය. ශක්තිමත් නැත. රූප සටහනේ 6 වැනි කොටුවේ ඇති චූටි අත් සටහනින් පෙන්නුම් කරන ජීවන රේඛාවෙන් හා ශීර්ෂ රේඛාවෙන් පළල් රේඛාවල සාමාන්‍ය පිහිටීම තේරුම් ගත හැකිය.

7. සියුම් රේඛා

රූප සටහනේ 7 කොටුවේ ඇති රූප සටහන දැන් බලන්න.

එම අතේ ජීවන රේඛාවෙන් දෛව රේඛාවෙන් සහ සුඛ රේඛාවෙන් සියුම් රේඛාවල සාමාන්‍ය පිහිටීම පෙන්නුම් කරලා ඇති සියුම් රේඛා බොහෝ පැහැදිලිය. ලා රෝස පාටින් යුක්තය. හරියටම කියනවානම් සියුම් තුඩක් ඇති රෝස පාටින් ලියැවෙන පැන්සලයකින් ගහපු ඉරක් වාගෙයි.

සියුම් වුණාට මෙම රේඛා බොහෝ බලවත්ය. ඒ වගේම ශක්තිමත් කලින් විස්තර කළ පළල් රේඛා වගේ නොවෙයි සියුම් රේඛා හැම විටම වාසනාව උදා කරන පිහිටීම් බව මතක තබා ගන්න.

8. ගැඹුරු රේඛා

අල්ලේ ඇතුළට කාවැදී යන ආකාරයෙන් පිහිටන ගැඹුරු රේඛා සියුම් රේඛා වගේම වාසනාව ගෙන දෙන පිහිටීමක් රේඛා වගේම එම විදිහේ රේඛා ඇති අයගේ අදහස් ද ගැඹුරුය.

ප්‍රධාන රේඛාවෙන් කියැවෙන සුබපල වැඩිවීමට මෙවැනි පිහිටීම් හේතු වෙයි. රූප සටහනේ ශීර්ෂ රේඛාවෙන් හා හෘදය රේඛාවෙන් ගැඹුරු රේඛාවල සාමාන්‍ය පිහිටීම තේරුම්ගත හැකිය.

අල්ලේ රේඛා වැඩිය තිබීමද සුබ නොවේ.

රේඛා දිගට හරහට හරස්වෙලා අවුල් ජාලයක් වීම අසුබ පිහිටීමකි. අල්ලේ තියෙන අවුල් වගේම ඒ පුද්ගලයාගේ ජීවිතයත් අවුල් ගොඩක් බව කිව යුතුය. ජීවිතය ගැන ඉතා සැහැල්ලුවෙන් සිතන අයගේ අත්වල රේඛා ඉතා අඩුයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී හිඹුටානේ පියතිලක ද අල්විස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division