විමල් දිසානායක සාහිත්‍ය විචාර ක්‍රමවේදය
කර්තෘ – විමල් දිසානායක සාහිත්‍ය විචාර ක්‍රමවේදය
කර්තෘ – කුලතිලක කුමාරසිංහ
ප්රකාශනය – සී/ ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
මිල – රු 700
පිටු- 156
අද්‍යතන සිංහල සාහිත්‍ය විචාර ක්ෂේත්රයේ ඉහළින්ම වැජඹෙන සාහිත්‍ය විචාරකයෙකු වූ විමල් දිසානායකයන්ගේ විචාර ග්රන්ථ මනා අධ්‍යනයකින් යුතුව හදාරා මෙම කෘතිය රචනා කර ඇත. විමල් දිසානායකයන්ගේ නිර්මාණාත්මක , ශාස්ත්‍රීය හා විචාර ග්රන්ථ පුළුල්ව අධ්‍යනය කිරීමකින් අනතුරුව රචිත මෙම කෘතිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නන් ඇතුළු උසස් අධ්‍යාපනය හදාරන්නන්ට මහැඟි කෘතියක් වනු ඇත.
මරු කතරේ පිපෙන මලක්
කර්තෘ – මරු කතරේ පිපෙන මලක්
කර්තෘ – රොහාන් හේවගේ
ප්රකාශනය – කර්තෘ ප්‍රකාශන
මිල – රු 420
පිටු- 74
මෙය රොහාන් හේවගේ ගේ ප්‍රථම කෘතියයි. ළමා වියේ සිට ජීවිතයේ මුහුණ දෙන අත්දැකීම් ‘මරු කතරේ පිපෙන මලක්‘හි අන්තර්ගත වෙයි. සරල බස් වහරක් යොදා ගනිමින් රචිත මෙම කෘතිය හරහා කතුවරයා උත්සහ කරන්නේ ඒ හරහා යහපත් සමාජයක් ගොඩ නැඟීමට යම් උත්සාහකි.
මාන Dimensions
කෘතිය- මාන Dimensions
කර්තෘ – සුසන්ත ජයනාල් පෙරේරා
ප්රකාශනය – කාව්‍යා ප්‍රකාශන
පිටු – 64
මිල – රු 300
මාන කෘතිය සුසන්ත ජයනාල් පෙරේරා ලේඛන දිවියට නව මානයක් එක් කළ කෘතියකි. ජීවිතයේ විවිධ ඉසව් මානයන් ඔත්සේ ග්රන්ථ රාශියක් රචනා කළ කර්තෘ විසින් මෙම කෘතියෙන් තමන්ගේ ජීවිතයේ මුණ ගැසුණු විවිධ චරිත, සංසිද්ධීන් මාන හරහා ගෙන එයි. ජාතික මට්ටමින්ද සම්මාන රැසක් ලබා ගෙන ඇති කතුවරයාගේ මෙම කෘතිය සරල වාග් කෝෂයකින් නිර්මිත වී ඇත.
කාලය, අවකාශය තුළ මාක්ස්වාදය
කර්තෘ – කාලය, අවකාශය තුළ මාක්ස්වාදය
කර්තෘ – චමිල් ජයනෙත්ති
ප්රකාශනය – ෆාස්ට් පබ්ලිෂින් ( ප්‍රයිවට්) ලිමිටඩ්
මිල – රු 1350
පිටු-272
ප්රාග් ඓතිහාසික චින්තනය, වහල්, වැඩවසම්, ධනවාදි සමාජ දර්ශන පමණක් නොව අපෝහකවාදය, ඓතිහාසික භෞතිකවාදය මෙන්ම ජාත්‍යන්තර මාකස්වාදය, මාක්ස්, එංගල්ස්ගෙන් පසු භෞතිකවාදය ඇතුළු මාක්ස්වාදය පිළිබඳ පරිච්ඡේද ගණනාවක් හරහා මාක්ස්වාදය පිළිබඳ පුළුල් විග්‍රහයක් ඉදිරිපත් කරන ග්රන්ථයකි. මෙම ග්‍රන්ථය හරහා මාක්ස්වාදය පිළිබඳ වැඩිදුර දැනුම් ලබාගත හැකිවෙයි.
ගිරා මලිති සන්දේශය
කෘතිය- ගිරා මලිති සන්දේශය
කර්තෘ – සානිත්ය හෙට්ටිආරච්චි
පිටු – 68
මිල – රු 500
ගිරා මලිති සන්දේශය කර්තෘගේ නවතම කාව්‍ය කෘතියයි. මේ සන්දේශයේ කාව්‍ය 147 කින් සමන්විත වන අතර ගාල්ලට තදාසන්න ගම්බිම්වල අතීත තතු හා ඒවායේ නම් ආදිය පටබැඳුනු ආකාරය පිළිබඳව යම් විග්‍රහයක් මේ ඔත්සේ සිදු කෙරෙයි. ඉපැරණි සංදේශකරුවන් ගත් මාර්ගය ගරුකොට ගනිමින් රචින මෙම කාව්‍ය සංග්‍රහය සන්දේශ කාව්‍ය සංග්රහයක ස්වරූපය ගත්තකි.
රෑ පානේ ලියූ කවි
කෘතිය- රෑ පානේ ලියූ කවි Twilight Poems
කර්තෘ – නලිනි ද සිල්වා
ඉංග්‍රීසි පරිවර්තනය – වෛද්‍ය ලංකා සිරිවර්ධන
පිටු – 76
මිල – රු 450
ජපන් හයිකු කාව්‍ය සම්ප්රදාය අනුගමනය කරමින් නලිනි ද සිල්වා විසින් රචිත රෑ පානේ ලියූ කවි Twilight Poems ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඇත්තේ වෛද්‍ය ලංකා සිරිවර්ධන විසිනි. හයිකු ඉතා සරල කවි විශේෂයක් වුවත් ලිවීමට අපහසු අභියෝගාත්මක කවි විශේෂයක් වශයෙන් කතුවරිය හදුන්වා දී ඇත. මෙම කෘතියේ ඇය විසින් හයිකු කාව්‍ය 56 ක් ඉදිරිපත් කර තිබිම විශේෂත්වයකි. මෙම කෘතියේ හයිකු කාව්‍ය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා හයිකු කවි සංගමය විසින් ඉදිරිපත් කර ඇති පෙර දැක්ම හරහා හයිකු කවිය යුතු කුමක්ද යන්න අවබෝධයක් ලබාගත හැකි වන්නේය.