Home » “ඉකෝ ලේබලය: විප්ලවීය වෙනසක් සඳහා එක් පියවරක්” සම්මේලනය

“ඉකෝ ලේබලය: විප්ලවීය වෙනසක් සඳහා එක් පියවරක්” සම්මේලනය

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) සහ Gesellschaft fur International Zusammenarbeit (GIZ) GmbH හෙවත් GIZ සහ සහයෝගිතාවයෙන් “ඉකෝ ලේබලය : විප්ලවීය වෙනසක් සඳහා එක් පියවරක්” යන මැයෙන් ඉහළ මට්ටමේ සම්මේලනයක් පසුගියදා කොළඹදී පැවැත්විණි.

ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයට අනුව, “Eco Label-Sri Lanka” වැඩසටහන ප්‍රථම ජාතික හරිත නිෂ්පාදන සහතික කිරීමේ වැඩසටහන වේ. ජාත්‍යන්තර ඉකෝ ලේබල ජාලයේ – Global Eco Labeling Network (GEN) හි පූර්ණ සාමාජිකත්වය හරහා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇතිව ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ බලගතු පාරිසරික ලේබල් කිරීමේ වැඩසටහනක් ලෙස මෙය හැඳින්විය හැකිය. පාරිභෝගිකයින්ට, සැපයුම්කරුවන්ට සහ ප්‍රසම්පාදන කණ්ඩායම්වලට පවා විශ්වාසය ලබා දෙමින් සියලුම Eco Label නිෂ්පාදන සහ සේවාවන් සඳහා ස්වාධීන තෙවන පාර්ශ්වීය තක්සේරු කිරීම් මෙහිදී සිදු කෙරේ. ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයෙහි “Eco Label-Sri Lanka” වැඩසටහන පරිසරය, මානව සෞඛ්‍යය, සමාජ ගැටලු සඳහා යෝග්‍යතාව යන සියලුම Eco Label සම්බන්ධ තිරසර නිර්ණායක සලකා බලා නිර්මාණය කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division