නුගේගොඩ අනුලා විදුහලේ සිසුවියන් විසින් වයස අවුරුදු 17 න් පහළ සමස්ත ලංකා පාසල් චෙස් ශූරතාව සහ 11 න් පහළ සමස්ත ලංකා පාසල් අනුශූරතාව දිනා ගන්නා ලදී. 11 න් පහළ අනු ශූරතාව දිනාගත් කණ්ඩායම සේයාරුවකට මුහුණ දුන් අතර පළමු පෙළ වමේ සිට දකුණට චෙස් ක්‍රීඩා භාර ආචාරීනී ඩබ්ලිව්. චන්දිමා, සහකාර විදුහල්පතිනි – (ක්‍රීඩා) සඳමාලි ගමගේ, සහකාර විදුහල්පතිනි පී. චන්ද්‍රානි අමරසිංහ, විදුහල්පතිනි එම්.එස්.ආර් අයිරාංගනී, ක්‍රීඩා පරිපාලක අයි. ඩබ්ලිව් කපිල ප්‍රදීප්, චෙස් පුහුණුකරු තේජාන් රත්නායක, චෙස් ක්‍රීඩා භාර ආචාරීනි ලුශාකා චන්ද්‍රසේකර මෙහි වෙති. වමේ සිට දකුණට ජයග්‍රහණය කළ සිසුන් වන සිතුකි සනායා සිරිමාන්න, තෙනුජි රුහන්සා, ලෙහන්සා ඔනාදි, සෙනුදි අයන්සා, තෙනුකි පෙහන්සා, චනුති තෙනුලිමා හා සෙතුලි දම්සරා මෙහි වෙති.
නුගේගොඩ අනුලා චෙස් ශූරියන්
486
previous post