Home » ඝාතන රැල්ලේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි

ඝාතන රැල්ලේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන

by Mahesh Lakehouse
February 24, 2024 12:36 am 0 comment

වර්තමාන යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වුවත් දිනපතාම සිදුවන ඝාතන රැල්ලේ අඩුවක් වී නොමැති බවත් ඒ සම්බන්ධව වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන සිළුමිණට කීය.

‘‘මත්ද්‍රව්‍ය තුරන් කිරීම මේ අයගේ සැබෑ අරමුණ නම් සිදු විය යුත්තේ, මේ මත්ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින පුද්ගලයන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමයි. නමුත් මේ වන තෙක් එවන් එක් අයෙක් හෝ අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා නැහැ.

ඒ වගේම මේ ක්‍රියාවලිය තුළ දී සිදුවන ඝාතන පාතාලය විසින් කරනවද වෙනත් පාර්ශ්වයක් විසින් සිදු කරනවද කියන්න අප දන්නේ නැහැ. මේ වන විට දැවැන්ත ලෙස පාතාලය හිස ඔසවා තිබෙනවා. මහ දවාලේ වෙඩිතැබීම් සිදුවෙනවා. අද ජනතාව පාරේ යන්නේ මර බියෙන්.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division