Home » Lanka Special Steels, ‘Poultry 300’ සහ ‘Premium 100’ GI කම්බි නිෂ්පාදන හඳුන්වා දෙයි

Lanka Special Steels, ‘Poultry 300’ සහ ‘Premium 100’ GI කම්බි නිෂ්පාදන හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

Lanka Special Steels සමාගම, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ‘Poultry 300’ සහ ‘Premium 100’ ආදී වශයෙන් නව සන්නාම දෙකක් හඳුන්වා දීමට කටයුතු කෙරිණි.

JSW Steel, TATA Steel සහ Hindustan Zinc වැනි හොඳ ම අමුද්‍රව්‍ය භාවිත කර නිපදවන, උසස් තත්ත්වයෙන් යුත් මෙම නිෂ්පාදන කුකුළු කූඩු, චේන් ලින්ක්, කටු කම්බි, PVC ආලේපිත දැල්, කේබල් ආර්මර් වයර්, ACSR වයර් ඇතුළු පුළුල් අවශ්‍යතා පරාසයක් සඳහා විසඳුම් ලබා දෙන අතර, විශේෂයෙන් මෙම නිෂ්පාදන හරහා ඉන්දියානු වෙළෙඳපොළ ඉලක්ක කිරීම Lanka Special Steels සමාගමේ අරමුණයි. මෙම නව හොට් ඩිප්ඩ් ගැල්වනයිස් වානේ කම්බි නිෂ්පාදන ද්විත්වය එළිදැක්වීමේ දී Lanka Special Steels සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීන් ද සිල්වා, Salem Weld Mesh කළමනාකාර අධ්‍යක්ෂ ආර්. නටරාජන්, Lanka Special Steels සමාගමේ විකුණුම් හා අලෙවි ප්‍රධානී ගයාන් පතිනායක ඇතුළු Lanka Special Steels සහ Salem Weld Mesh යන සමාගම් දෙකෙහි ම සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division