දිවයිනේ ප්‍රමුඛතම අධිතාක්ෂණික විද්‍යාගාර විශ්ලේෂණ උපකරණ සැපයුම්කරුවකු වන Hayleys Lifesciences සිය පුළුල්තම ගෝලීය විද්‍යාත්මක උපකරණ නිෂ්පාදන ජාලය උපයෝගී කර ගනිමින් මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයට අවශ්‍ය විශ්ලේෂණ උපකරණ සැපයීමේ සහ නඩත්තු සේවාවේ යෙදී සිටී.
බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපද ඖෂධ සංග්‍රහ (Pharmacopoeia) ඇතුළුව ඉහළම ගෝලීය ප්‍රමිතීන්ගෙන් යුත් විශ්ලේෂණ උපකරණ සපයමින් දේශීය ඖෂධ නිෂ්පාදකයින් සවිබල ගැන්වීමට සමාගම උත්සාහ කරයි.
මෙහිදී දත්ත අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා 21 CFR හි Part 11 ප්‍රමිතීන්වල අවශ්‍යතා සපුරාලන උසස් තත්වයේ මෘදුකාංග භාවිත කරයි. ඖෂධ නිෂ්පාදනයේදී රසායනාගාර සැලසුම් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වාම, Hayleys Lifesciences සිය විශ්වසනීයත්වය තහවුරු කරයි.
”අපගේ රටට සහ ජනතාවට ප්රතිලාභ ලැබෙන ශක්තිමත් සහ තිරසර ඖෂධ ක්ෂේත්රයක් ස්ථාපිත කිරීම අපගේ අරමුණයි. දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදන කිරීම රටට මූල්‍යමය වාසියක් වන අතරම ජනතාවට මුහුණ පෑමට සිදුවන ඖෂධ හිඟය ද ඉන් පහව යනවා…” Hayleys Lifesciences නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ අතුල විජයානන්ද පැවසීය.