Home » පාසල් බෑගයේ බර අඩු කෙරේ

පාසල් බෑගයේ බර අඩු කෙරේ

by Mahesh Lakehouse
March 2, 2024 12:36 am 0 comment

අධික බරින් යුතු පාසල් සිසුන්ගේ පොත් බෑග් ගැටලුවට විසඳුමක් ලෙස පන්තිවල ශිෂ්‍ය කණ්ඩායම් ස්ථාපිත කර කණ්ඩායමකට එක් සිසුවකු බැගින් පෙළ පොත් රැගෙන ඒමටත් අවශ්‍ය අයට පෙළ පොත් පාසලේ ආරක්ෂිතව තබා යාමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. එහිදී පන්ති කාමරයේ පෙළ පොත් තබා ගොස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා පෙළ පොත්වල මෘදු පිටපත් භාවිත කිරීමට සිසුන් හුරු කිරීම සිදු කෙරෙනු ඇත. පෙළ පොත් කාණ්ඩ කිරීම හා අභ්‍යාස පොත්වල බර අඩු කිරීම වැනි ක්‍රියා මාර්ගද මෙහිදී ක්‍රියාවට නැංවීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් යුතුව ක්‍රියාවට ගැනීමට නියමිත මේ කාර්යයන් ඇතුළත් චක්‍රලේඛයක් මේ වන විටත් නිකුත් කර ඇත. විදුහල්පතිවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ එම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳව ඉදිරියේදී පාසල් ප්‍රධානීන් හරහා සිසුන් දැනුම්වත් කිරීම සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division