රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වී නැත්නම් ආයෝජකයන්ගේ විශ්වාසයක් නැතිව යන බවත් ආයෝජකයන්ගේ විශ්වාසයක් නැත්නම් ආර්ථික දියුණුවක් ඇති නොවන බවත් වත්මන් ආණ්ඩුවේ ගමන් මඟ අනුව ආර්ථික දියුණුවක් ඇති නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් පෙන්වා දෙයි.
‘‘ආර්ථික දියුණුවක් නොමැතිව ජනතාවට සහන දෙන්න විදියක් නැහැ. සමහරු ඇහුව්වා ප්රජාතන්ත්රවාදය කන්නද කියලා. දැන් එහි ප්රතිවිපාක හැමෝටම පේනවා. ආයෝජන නැති නිසා තමයි මෙච්චර බදු ගහන්නේ. බදු ප්රතිපත්තිය ලිහිල් කරලා, බඩු මිල අඩු කරලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න නම් ආයෝජන ගේන්න ඕන ඒ හරහා රාජ්ය ආදායම ශක්තිමත් කරන්න ඕන.
රසික කොටුදුරගේ