ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යන්ත්‍රණය හඳුන්වා දීම මගින් කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම එහි අරමුණ බවත්
ජනාධිපතිවරයා පැවසීය.මෙම කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාර්තු 08 වනදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අමතමිනි. මේ අතර කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබද කෙටුම්පත එළැඹෙන සතියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ තාක්ෂණික ප්‍රතිපත්ති සකස් කිරිමේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ සමානාත්මතාවය පිළිබඳ මූලධර්ම ස්ථාපිත කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම එම පනත හරහා සිදුවන බව ද කියා සිටියේය.
මේ අතර විෂය භාර අමාත්‍යවරයාගේ බලතල සමග ස්ත්‍රී පුරුෂ සමාජභාවීය, සමානාත්මතාවය පිළිබඳ සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා අමාත්‍යාංශ මට්ටමින් ඉදිරිපත් වන කාන්තාවන්ට සම්බන්ධ ගැටලු විසදා ගැනීම වෙනුවෙන් කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බව පැවසීය.
මෙම පනත් කෙටුම්පත් පිළිබඳ අනෙකුත් කණ්ඩායම් සමග සාකච්ඡා කර තවත් සංශෝධන අවශ්‍ය නම් දැනුම් දීමට පාර්ලිමේන්තවේ කාන්තා සංසදයට පවරන වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙම පනත් කෙටුම්පත් දකුණු ආසියානු කලාපය තුළ හඳුන්වා දී ඇත්තේ පළමුවරට බවද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගන්නා අයවැයකරණය ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය