– මේ විදේශගත ශ්‍රමිකයා ව්‍යවසායකයෙක් බවට පත් කරන වසරක්
– සෑම දිස්ත්‍රික්කයකින්ම තරුණයින් පන්සියයක් බැගින් තෝරාගෙන ඔවුන්ට වෘත්තීය පුහුණුව ලබාදෙනවා
– ජාවාරම්කරුවන්ට හසු නොවී හරි විදිහට රට රස්සාවකට යන්නේ කොහොමද කියලා ජයගමු ශ්‍රී ලංකා වැඩ සටහනින් දැන ගන්න පුළුවන්
‘ජයගමු ශ්‍රී ලංකා’ කියන්නේ මොකක්ද?
ජයගමු ශ්‍රී ලංකා කියන්නේ කම්කරුවා ස්මාර්ට් වැඩ්ඩෙක් කරන, රට හැරයන තරුණයා රටට ශක්තියක් කරන, අධ්‍යාපනයෙන් අතරමඟ හැලෙන යෞවනයට නිසි වෘත්තීය මඟ පෙන්වීමක් කරන, විගමනික ශ්‍රමිකයාට හරසර පුද කරන, පාසල් යන පොඩ්ඩා හෙට ස්මාර්ට් වැඩ්ඩෙක් කරන, වැඩපිළිවෙළක්.
මේක සාමාන්‍ය අමාත්‍යාංශයක ජංගම සේවයක් විතරක් නෙමෙයි. රටේ අනාගතය වෙනුවෙන් කරන දැවැන්ත ජාතික වැඩපිළිවෙළක් තමයි මේ ‘ජයගමු ශ්‍රී ලංකා‘ කියන්නේ.
ගෝලීය අවශ්‍යතාවට ගැළපෙන පරිදි ශ්‍රම වෙළෙඳ පොළ සකස් කිරීමට මෙමඟින් සිදු කරන කාර්යභාරය කෙබඳුද?
ගෝලීය අවශ්‍යතාවයට ගැළපෙන ශ්‍රම වෙළඳ පොළක් නිර්මාණය කිරීම අපේ අමාත්‍යාංශයේ මූලික කාර්යභාරයක්. ලෝක ශ්‍රම වෙළඳ පොළේ පවතින රැකියා අවස්ථාවන් සහ එම අවස්ථාවන් ළගා කරගැනීම සඳහා අවශ්‍ය වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් ඉතිහාසයේ කවරදාවත් සිදු වෙලා තිබුණේ නැහැ. අපි තමයි පළමු වතාවට ජාත්‍යන්තර සංවිධානවල සහ සමීක්ෂණ ආයතනවල සහය අරගෙන මේ පිළිබඳ අධ්‍යයනයක් කරනු ලැබුවේ. ඒ අනුව ඉදිරියේ ඇතිවන ගෝලීය රැකියා වෙළඳපොළ අවශ්‍යතාවය සහ අපේ ශ්‍රමිකයාගේ පුහුණුව අතර පවතින පරතරය පියවීම සඳහා පියවර ගන්නවා.
ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන එයට දායකත්වයක් ලබාදෙන්නේ කොහොමද?
ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන තුළ ස්මාර්ට් යූත් ක්ලබ් පිහිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ස්මාර්ට් යූත් ක්ලබ් පිහිටුවීමට කටයුතු කරලා තියෙනවා. මේ සමාර්ට් යූත් කල්බ්වල සාමාජිකයින් දෙදහසකට අපි එක් දිස්ත්‍රික්කයකදී ආමන්ත්‍රණය කරනවා. අනාගතය දිනන්න පුළුවන් මාර්ගය තමයි අපි එහිදී පෙන්වා දෙන්නේ. ඒ අතරම ජනාධිපති අරමුදලේ අනුග්‍රහයෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම තරුණයින් පන්සියයක් බැගින් තෝරාගෙන ඔවුන්ට වෘත්තීය පුහුණුව ලබාදෙනවා. මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනවා. ජනාධිපති අරමුදල ඒ සඳහා වන පිරිවැය දරනවා.
කුමන පුහුණුවක් ද ඒ හරහා ලබාදෙන්නේ?
දේශීය හා විදේශීය රැකියා ඉලක්ක කරගෙන තමයි පුහුණුවීම් ලබාදෙන්නේ. විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්රයේ රැකියා ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා හෝටල් පුහුණු පාසලේ පාඨමාලාවලට තරුණ තරුණියන් යොමු කරනවා. එසේම සෘජුවම රැකියාවලට යොමු කළ හැකි වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා සඳහාත් තරුණයින් යොමු කරනවා.
විදේශ රැකියා අවස්ථා ලබාගන්න මේ වැඩසටහනෙන් ලැබෙන දායකත්වය කුමක්ද?
විදේශ රැකියාවක් ලබාගන්නේ කොහොමද කියන එක බොහෝදෙනාට සිහිනයක්. විදේශ රැකියාවලට තියෙන උනන්දුව සහ ඉල්ලුම වැඩි නිසාම ඇතැම් අවස්ථාවලදී කූඨ ජාවාරම්කරුවන් මුදල් ගරා ගැනීමේ ජාවාරම්වල නිරත වෙනවා. ජාවාරම්කරුවන්ට හසු නොවී හරි විදිහට රට රස්සාවකට යන්නේ කොහොමද කියලා ජයගමු ශ්‍රී ලංකා වැඩ සටහනින් දැන ගන්න පුළුවන්. විවිධ රටවල විදේශ රැකියා අවස්ථාවන් අරගෙන එන විදේශ රැකියා පොළක් මෙහිදී පවත්වනවා. ඒ අනුව තමන්ගේ සුදුසුකම් අනුව විදේශ රැකියා අවස්ථාවක් සොයා ගැනීමේ හැකියාව මෙතැන තියෙනවා.
විදේශ රැකියාවකට යන්න කැමැත්තෙන් සිටින, ඒත් සුදුසුකම් නැති අයට මෙතැනට ඇවිත් ලබාගන්න දෙයක් තියෙනවාද?
විදේශ රැකියා අවස්ථා වගේම විදේශ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාදෙන පුහුණු ආයතනත්, ජයගමු ශ්‍රී ලංකා වැඩසටනට එක්ව සිටිනවා. නයිටා වැනි ආයතන තමන්ගේ ප්‍රදර්ශන කුටි ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට අරගෙන ඇවිත් තියෙනවා. විදේශ රැකියාවකට යන්න අපේක්ෂාවෙන් ඉන්න, ඒත් සුදුසුකම් නැති අයට වෘත්තීය පුහුණු අවස්ථා මේ හරහා ලබාගන්න පුළුවන්.
විදේශ රැකියාවල නිරතවෙලා සිටින අයගේ පවුල්වලට මෙයින් ප්රතිලාභ හිමිවෙන්නේ නැද්ද?
විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වලට විශාල ප්‍රතිලාභයක් මෙහිදී ලබාදෙනවා. සෑම දිස්ත්‍රික්කයම විදේශගතවෙලා ඉන්න ශ්‍රමිකයින්ගේ පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සමත් වූ දරුවන් වෙනුවෙන් මේ ශිෂ්‍යත්ව ලබාදෙනවා. ඊට අමතරව විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් මෙයට සමගාමීව ක්‍රියාත්මක වෙනවා. විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් වැඩි වශයෙන් අධ්‍යාපනය ලබන පාසල්වලට ස්මාර්ට් බෝඩ් ලබාදීමේ වැඩසටනක් ක්‍රියාත්මක කරනවා. මේ වන විට අනුරාධපුර, මොනරාගල, කෑගල්ල, නුවර, සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පාසල් සියයකට ආසන්නව මෙම ස්මාර්ට් බෝඩ් ලබාදීමට කටයුතු කර තිබෙනවා.
විදේශගත වෙලා නැවත ලංකාව පැමිණි අයට ජයගමු ශ්‍රි ලංකා වැඩසටහනෙන් මොකක්ද වෙන්නේ?
විදේශ රැකියාවක නිරත වෙලා නැවත ලංකාවට ඇවිත් ව්‍යාපාරයක් ආරම්භ කරන අයට තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා මෙහිදී ආධාර ලබා දෙනවා. ව්‍යාපාරය ආරම්භ කරන්න වගේම තමන්ගේ ව්‍යාපාරය වඩාත් වැඩි දියුණු කරගන්න මෙහිදි ආධාර කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසර විදේශගත ශ්‍රමිකයින්ගේ සුභසාධනය වැඩි දියුණු කරන වසර විදියට නම් කරලා කටයුතු කරනු ලැබුවා. මේ අවුරුද්ද විදේශගත ශ්‍රමිකයා ව්‍යවසායකයෙක් බවට පත් කරන වසර විදියට නම් කරලා තියෙනවා. මේ වෙලාවේ රට ගොඩගන්න නම් ව්‍යවසායකයින් වැඩි වශයෙන් දියුණු කරන්න ඕන.
ඔබ විදේශගත ශ්‍රමිකයා වෙනුවෙන් ජයගමු ශ්‍රී ලංකා හරහා කරන දේවල් කිව්වා. ඔබ විදේශ රැකියා ඇමැතිවරයා විතරක් නෙමෙයි, කම්කරු ඇමැතිවරයාත් වෙනවා. කම්කරු ඇමැතිවරයා විදියට ඔබ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන හරහා මොනවාද කරන්නේ?
අපි මෙහිදී ප්‍රධාන අංග දෙකක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කරලා තියෙනවා. එකක් තමයි ශ්‍රමිකයින්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ට පාසල් උපකරණ ලබාදීම. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම අඩු ආදායම්ලාභී ශ්‍රමික පවුල්වලින් ළමුන් පන්සියය බැගින් තෝරාගෙන ඔවුන්ට පාසල් උපකරණ ලබාදීමට කටයුතු කරනවා. ශ්‍රම වාසනා අරමුදල මඟින් තමයි මේ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන්නේ.
එතකොට දෙවැනි කාරණය මොකක්ද?
දෙවැනි කාරණය තමයි වඩාත් වැදගත්ම කාරණය වෙන්නේ. අවධිමත් අංශයේ ශ්‍රමිකයාගේ සමාජ ආරක්ෂණය තහවුරු කරන ගරු සරු වැඩසටහන අපි ජයගමු ශ්‍රී ලංකා සමඟ රට වටාම අරගෙන යනවා. ත්‍රිරෝද රථ රියදුරාට, විදුලි කාර්මික ශිල්පියාට, පෙර පාසල් ගුරුවරියට සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් කැපෙන්නේ නෑ. සමහර විට දෛනික වැටුප විතරයි ඔවුන්ට ලැබෙන්නේ. කිසිම සමාජ ආරක්ෂණයක් නෑ. ඒ වගේම බොහෝ වෙලාවට ඔවුන්ට වෘත්තීය ගරුත්වයක් ලැබෙන්නේ නෑ. ඒ වගේම තමයි ඒ රැකියා සඳහා යොමු වීමට නිසි නියාමනයක් නෑ. තමන්ගේම වෘත්තීය කණ්ඩායම් තුළින්, පාලන මණ්ඩලයක් හදාගෙන තමන්ගේ වෘත්තීයට ගරුත්වයක්, වටිනාකමක් ලබාදෙන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ජාතික වශයෙන් මෙම වැඩපිළිවෙළ සාකච්ඡාවට ලක් කරලා දිස්ත්‍රික් මට්ටමට ගිහින්, බිම් මට්ටමින් ඔවුන් සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට එහිදී අපි කටයුතු කරනවා.
ඔබේ අමාත්‍යාංශය දැන් අලුත් කම්කරු පනතක් ගේන්න කටයුතු කරනවා. ඒ ගැන මෙහිදී සාකච්ඡා කරන්නේ නැද්ද?
අපි අලුත් කම්කරු පනතක් නෙමෙයි ගේන්නේ. නූතන වැඩ ලෝකයට ගැළපෙන “එම්ප්ලෝයිම්න්ට් ඇක්ට් එකක්”. ඒ කියන්නේ රැකි රක්ෂා පනතක්. යල්පැන ගිය කම්කරුවා වෙනුවට නූතන වැඩ ලෝකයට ගැළපෙන ස්මාර්ට් ශ්‍රමිකයෙක් බිහිකරන පනත තමයි අපි අරගෙන එන්නේ. ඒ ගැන දිස්ත්‍රික් මට්ටමින් අදාල පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරනවා. ඔවුන්ගේ අදහස් ලබාගන්නවා. ඒ අනුව දැනුත් පනත් කෙටුම්පත සඳහා සංශෝධන අරගන එනවා.
ජයගමු ශ්‍රී ලංකා උතුරු නැඟෙනහිර පළාත්වලට අරගෙන යන්නේ නැද්ද?
ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ග්ලෝකල් ෆෙයාර් නමින් යාපනයට අරගෙන ගියා. අපි මේ සති අන්තයේ ඉන්නේ පොලොන්නරුවේ. ලබන සතියේ මාතලේ. ඉන්පසුව වව්නියාවට යනවා. කිළිනොච්චියට, මන්නාරමට, මඩකලපුවට මේ හැම දිස්ත්‍රික්කයකටම අපි යනවා.
සුභද්‍රා දේශප්‍රිය