රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණෝ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධුරයට පත්ව සිටිති. මාර්තු 2 වැනිදා සිට 6 වැනිදා තෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ පැවති ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ එකොළොස් වැනි මහ සභා රැස්වීමේදී උන්වහන්සේ මේ තනතුරට පත්වූහ.
ලෝකයේ විශාලතම බෞද්ධ සංවිධානය වන ලෝක බෞද්ධ සංඝ සම්මේලනය 1966 වසරේදී ආරම්භ වූවකි. 1981දී තායිවානයේ තායිපේ නගරයේ එහි මූලස්ථානය පිහිටුවන ලදි. ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමිපාණෝ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම්, සාමය සඳහා වන ආසියානු බෞද්ධ සංගමයේ ලංකා ශාඛාවේ සභාපති ආදි තනතුරු ගණනාවක් හොබවන කීර්තිමත් සංඝ පිතෘවරයෙකි.