Home » ඇන්සල් ලංකා, කැබලි දර ලබා ගැනීමේ මූලාශ්‍ර 100% ක් තිරසර කරගැනීමේ ඉලක්කය සපුරයි

ඇන්සල් ලංකා, කැබලි දර ලබා ගැනීමේ මූලාශ්‍ර 100% ක් තිරසර කරගැනීමේ ඉලක්කය සපුරයි

by gayan
April 20, 2024 12:30 am 0 comment

ඇන්සල් ලංකා සමාගම 2009 වසරේදී පළමු දර කැබලි භාවිත කරන තාප උත්පාදක යන්ත්‍රය ඉදි කර, එමඟින් දැවි තෙල් පරිභෝජනය දිනකට ලීටර් 23,000කින් සහ වසරකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 11,000කින් අඩු කරන ලදි.

මෙලෙස පොසිල ඉන්ධන ආශ්‍රිතව සිදුවන විමෝචනය වසරකට ටොන් 39,000ක් වැනි ඉතා විශාල අගයකින් අඩු කිරීමට ඇන්සල් ලංකා සමාගමට හැකි වී ඇත. දර කැබලි භාවිතය වැඩි වීමත් සමග UNDP අරමුදල් ව්‍යාපෘතියක් වන තිරසර දර කැබලි නිෂ්පාදනය තහවුරු කරන SLS 1551:2016 සහතිකය ලබා ගනිමින් එහි පාර්ශ්වකරුවන් වීමටද ඇන්සල් ලංකා සමාගමට හැකි විය.

ඔවුන්ගේ තිරසර ගමන් මඟේ සන්ධිස්ථාන හඳුනා ගැනීමත් කැබලි දර සැපයුම්කරුවන් 11 දෙනකු ඇගයීමත් පසුගිය දා සිදු වූ අතර, ස්වාභාවික සම්පත් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමයේ මෙරට නියෝජිත ආචාර්ය ශාමෙන් විදානගේ, ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division